දින නියමයක් නොමැතිව ‘ලොක්ඩවුන්’ සීමා දීර්ඝ කරන බව සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් එම්නන්ගග්වා රට වැසියන් අමතමින් ප්‍රකාශ කළේය.
‘‘රට ලොක්ඩවුන් සීමා ඉවත් කළ යුත්තේ උපායමාර්ගිකව සහ ක්‍රමිකව’’ යැයි ද සිම්බාබ්වේ ජනාධිපතිවරයා කීවේය.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා දින නියමයක් නොමැතිව දීර්ඝ කරන බවත් එසේ වුවත් සෑම සති දෙකකටම වරක් ‘ලොක්ඩවුන්’ සීමා විමසා බලන බවත් සිම්බාබ්වේ ජනාධිපතිවරයා කීය.
රූපවාහිනිය ඔස්සේ සජීවීව රට වැසියන් අමතමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.
සිම්බාබ්වේ නගර වීදිවල තිබෙන අවිධිමත් කඩසාප්පු වසා දමන් බවත් රට නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් අදහස් විමසන බවත් ඔහු කීය.
නගර වීදිවල තිබෙන මෙම අවිධිමත් කඩසාප්පු සිම්බාබ්වේ හි මිලියන ගණනකගේ ජීවනෝපාය වේ.
කෙසේ නමුත් සිම්බාබ්වේහි නිෂ්පාදන කර්මාන්ත යනාදී ව්‍යාපාර, සුපිරි වෙළෙඳසැල් සහ බැංකු විවෘතව තැබීමට ආණ්ඩුව අවසර ලබා දී ඇත. මුලදී පැය 6ක කාලයකට ඒවා විවෘතව තැබීමට දුන් අවසර තවත් පැය දෙකකින් දීර්ඝ කිරීමට ද බලධාරීහු පියවර ගෙන ඇත. ඒ අනුව ව්‍යාපාර, සුපිරි වෙළෙඳසැල් සහ බැංකු උදෑසන 8ට පැය 8ක කාලයක් සඳහා විවෘතව තැබිය හැක.
ප්‍රධාන වශයෙන් දකුණු අප්‍රිකාවේ සහ බොට්ස්වානාවේ සිට පැමිණෙන සිම්බාබ්වේ ජාතික සංක්‍රමණිකයන් දින 21ක නිරෝධායන ක්‍රියාවලියට යොමු කරන බව ජනාධිපතිවරයා කීවේය. ඒ සඳහා පාසල් සහ උසස් පාසල්වල ගොඩනැගිලි භාවිත කෙරේ.
පාසල් සහ විශ්වවිද්‍යාලවලට යා හැකි නමුත් ඒ සඳහා අවසරය ලැබෙන්නේ අවසන් වසරවල ඉගෙනුම ලබන සිසුන්ට පමණක් යැයි කී ජනාධිපතිවරයා පාසල් ආරම්භ කරන දිනයක් සඳහන් නොකළේය. පාසල් අදියර කිහිපයක් යටතේ විවෘත කිරීම සඳහා ආණ්ඩුව මේ වනවිටත් පියවර ගනිමින් සිටී.
දැඩි සීමා හේතුවෙන් දැනට වයිරසය පාලනය කරගැනීමට සිම්බාබ්වේ සමත්ව ඇති අතර මුලින් අපේක්ෂා කළ පරිදි ප්‍රජාව අතර පැතිර ගොස් නැතැයි ද එම මුලින් ඇස්තමේන්තු කළ අගයට වඩා ඉතා අඩු යැයි ද ජනාධිපතිවරයා කීවේය.
සිම්බාබ්වේ ‘ලොක්ඩවුන්’ සීමා පැනවූයේ මාර්තු 30 වැනිදා ය. එරටින් අද (15) පස්වරු වනවිට වාර්තා වී තිබූ ආසාදිතයන්ගේ ගණන 30ක් වූ අතර වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 4ක් විය.
සිම්බාබ්වේ වෙතින් හඳුනාගත හැකි ආසාදිත පොකුරු කිසිවක් හමු වී නැති බවත් වාර්තා වී ඇත්තේ අඩු ආසාදිතයන් ගණනක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.
එමෙන්ම එරටින් ආසාදිතයන් වාර්තා වන්නේ අක්‍රමවත් ක්‍රමවේදයකට යැයි ද එම සංවිධානය සඳහන් කර ඇත.
‘‘අපි කොවිඩ්-19 පරීක්ෂණ අඩුවෙන් කළත් රට තුළ වයිරසය පැතිර යෑම පාලනය වී ඇති බව එයින් අදහස් වෙනවා’’ යැයි ද සිම්බාබ්වේ ජනාධිපතිවරයා කීය.
අල්ජසීරා/රොයිටර්ස්
055
පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු සිය මෝටර් රථයේ පිටුපස අසුනේ සූක්ෂම ලෙස සඟවා තිබියදී පොලිස් භාරයට ගත් ටි 56 ගිනි අවිය අතුරුගිරිය ටැටු කලා
ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ලෙස සේවය කරන දේශපාලන පත්වීම් ලැබූ 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ආපස
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ මගීන් රැගෙන අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ බස්රථ දෙකක රියැදුරන් දෙදෙනකුගේ රියැදුරු බලපත්‍ර පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිප
සහල් තොග රඳවා තබා ගනිමින් අනවශ්‍ය සහල් හිඟයක් නිර්මාණය කර ඇති මහා පරිමාණ මෝල් හිමියන්ට එරෙහි පියවරක් ලෙස රජය තමන්ගේම අමතර වී තොග පවත්වා ගෙන යාමට තීරණය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මීරිගම මිනීඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේදී මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් විභාගකිරීම සදහා පැමිණෙන ලෙස දැනුම් දීමට ගිය පොලිස් නිළධාරියකුට අද පස්වරුවේ කඩුවකින් පහරදී ඇති බව පානදුර දකු
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සිම්බාබ්වේ දින නියමයක් නොමැතිව ‘ලොක්ඩවුන්’ සීමා දීර්ඝ කරයි