IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


සමෘද්ධි නිලධාරීනියට මැර ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයකු අත්අඩංගුවට

(එම් .සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මික )

කොරෝනා ආධාර සමෘද්ධි බඩු මල්ල තමාට ලබා නුදුන්නේයයි කියමින් හික්කඩුව පින්කන්ද  හදඋඩමූල්ල සමෘද්ධි නිලධාරිනියගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල කළ අයෙකු  අද (9) පිංකන්ද ප්‍රදේශයේම සැගව සිටියදී  සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.

සැකකරු සමෘද්ධි නිලධාරිනියගේ පින්කන්ද ප්‍රදේශයේ පිහිටි නිවසට ඊයේ (8 ) යකඩ පොල්ලක් ගෙන ගොස් ඇයගේ නිවසේ වීදුරු ජනෙල් පොඩිකර ඇති බවද පොලීසිය කියයි .

සමෘද්ධි හිමිකම නැති සැකකරු තමාට සමෘද්ධිය ලබා දෙන බඩු මල්ල ඉල්ලා ඇයට තර්ජන කර ඇති බවත් ඉන් පසු සමෘද්ධි නිලධාරිනිය  මේ පිලිබදව හික්කඩුව පොලීසියට පැමිනිළි කර ඇත .
   
තමාට විරුද්ධව  පොලීසියට පැමිනිලි කිරීමට උරණවූ සැකකරු මෙසේ සමෘද්ධි නිලධාරිණියගේ නිවසට මැර ප්‍රහාරය එල්ල කර ඇති බවද පොලීසිය කියයි .
 
මේ  මැර ප්‍රහාරයෙන් පසුව ඔහු සැගව සිටියදී අද (9) අලුයම් කාලයේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවත්  සැකකරු අද ( 9 ) ගාල්ල  අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය කියයි .
 



අදහස් (1)

සමෘද්ධි නිලධාරීනියට මැර ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයකු අත්අඩංගුවට

Mahinda Alawathuwela Thursday, 09 April 2020 06:57 AM

මෙතන පිටුපස කුමක්ද සිදුවෙමින් පවත්නේද යන්න සොයා බැලිය යුතුම වෙනවා. මොකද බොහෝමයක් ඔය සමෘද්ධි නිළධාරීන් අවංක නැහැ. ඔවුන් සමෘද්ධි ආධාර සඳහා නිර්දේශ කරන්නේ තම හිතවත් කම් සහ දේශපාලන හිතවාදීන්ට සහ නුසුදුසු අයටයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site