නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වසා දැමුණු ස්පාඤ්ඤයේ ප්‍රධාන මාස දෙකකට පසුව අද (25) විවෘත කෙරිණි.
ඒ අනුව මාස දෙකකට පසු පළම වතාවට ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ප්‍රධාන උද්‍යාන සහ අවන්හල්, තේපැන්හල් විවෘත කිරීමට පියවර ගැනිණි. ස්පාඤ්ඤය මැයි 4 වැනිදා සිට ක්‍රමයෙන් ලොක්ඩවුන් සීමා ලිහිල් කරමින් සිටින අතර මේ වනවිට එහි දෙවැනි පියවරට පිවිස ඇත.
ස්පාඤ්ඤයේ ප්‍රධාන මෙට්‍රෝ නගරයක් වන බාර්සිලෝනා හි කොටස් විවෘත කිරීමට ද එරට බලධාරිහු පියවර ගත්හ. කෙසේ නමුත් සමාජ දුරස්ථභාවය සහ එක්රැස් වීමට අදාළ දැඩි සීමා ක්‍රියාත්මක වන අතර එක්රැස් විය උපරිම ගණන 10කි.
කුඩා සාප්පු ද විවෘත කළ හැකි නමුත් ඒවාට දැඩි සෞඛ්‍යාරක්ෂිත නීති ක්‍රියාත්මක වේ. දේවස්ථාන ඇතුළු වන්දනා කරන ස්ථාන විවෘත කරන නමුත් ඒවාට පැමිණිය හැක්කේ එම ස්ථානවලට පැමිණිය හැකි උපරිම සංඛ්‍යාවෙන් සියයට 30කට පමණි.
ද ගාඩියන්/රොයිටර්
055
COMMENTS
ඒ ගොල්ලොත් ඡන්දයක් තියන්න ලක ලැහැස්ති වෙනවද? මිනිස්සු මලත් මොකද, ඡන්දයක් තියාගන්න පුළුවන් නම්?