විදෙස් ගතව සිට පැමිණෙන සෑම අයකුම දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමු විය යුතු යැයි ස්පාඤ්ඤ ආණ්ඩුව අද (12) නිවේදනය කළේය.
ලබන සිකුරාදා (15) සිට එය ක්‍රියාත්මක වන බව ද ස්පාඤ්ඤ ආණ්ඩුව සඳහන් කළේය.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ස්පාඤ්ඤ හදිසි නීතිය පැනවීය. හදිසි නීතිය මැයි 24 දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.
විදෙස්ගතව සිට පැමිණෙන සියලු දෙනා දින 14ක අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමුවීමේ නියෝගය මැයි 24 වැනිදා දක්වා බලපැවැත්වෙන බව ද ආණ්ඩුව නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලිය ඉදිරියටත් ක්‍රියාත්මක වන්නේ ද නැද්ද යන්න මැයි 24 වැනිදා දැනුම් දෙන බව ද ස්පාඤ්ඤ ආණ්ඩුව තවදුරටත් සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd