(යොහාන් භාසුර)
‘කොරෝනා’ වයිරසයෙන් අවදානම් තත්ත්වයට පත්ව සිටින ශ‍්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පහසුකම්සැළසීමට ශ‍්‍රී ලංකා හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය මහතා කටයුතු කරමින් සිටියි.
සනත් ජයසූරිය මහතාගේ පෞද්ගලික ධනයෙන් කොළඹ මැනිං වෙළෙදපොළට නවීණ විෂවිජ හරණ කුටියක් ඒ මහතා විසින් පිරිනමන ලදී.
ජයසූරිය මහතා පසුගියදා කොළඹ මට්ටක්කුලිය ප‍්‍රදේශයේ දුෂ්කරතාවට පත්ව සිටින පවුල් 100 කට පමණ වියළි ආහාර මල්ල බැගින් ප‍්‍රදානය කළේය.
මෙම ප‍්‍රජා සත්කාර පිළිබදව ‘ලංකාදීප’ කළ විමසුමේදී සනත් ජයසූරිය මහතා පැවසුවේ ‘කොරෝනා’ අවදානමෙන් දුෂ්කරතාවට පත්ව සිටින්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අත්පොළසන්නාදයකින් හෝ දිරිමත් කළ ජනතාව බවත් ඔවුන්ට මෙවැනි අවස්ථාවක පිහිටවීම හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ලෙස තම යුතුකම බව හැගෙන නිසා තමන්ට හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි.
”මම මේ කටයුතු කරන්නේ බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම`ග එක්වයි”
”ඒ මහතා කිව්වා මට්ටක්කුලිය ප‍්‍රදේශයේ ජනතාවට වියළි ආහාර අවශ්‍යයි කියලා. එතුමයි මායි ගිහින් ජනතාවට ඒවා දුන්නා. ඒ වගේම නවීණ විෂවිජ හරණ කුටිය අවශ්‍යතාව මැනිං වෙළෙ`දපොළට ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා මට කිව්වා මම එයත් ඉටු කළා” යැයි ජයසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.




2025 දෙසැම්බර් මස 04
695
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සනත් ජයසූරියගෙන් ප‍්‍රජා සත්කාර රැසක්
Raveendra Wednesday, 08 April 2020 09:40 AM
"කොරෝනා’ අවදානමෙන් දුෂ්කරතාවට පත්ව සිටින්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අත්පොළසන්නාදයකින් හෝ දිරිමත් කළ ජනතාව බවත් ඔවුන්ට මෙවැනි අවස්ථාවක පිහිටවීම හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු ලෙස තම යුතුකම බව හැගෙන නිසා තමන්ට හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි." යන වාක්‍ය ඉතාමත්ම වැදගත්ය. ඔබට යහපතක්ම වේවා !!!
Maduranga Wednesday, 08 April 2020 09:45 AM
බොහොම හොදයි. ඔබ වැනි තවත් ක්‍රිකට් තරු වලට මිනිසුන්ට මෙවැනි උදව් කිරීමට හැකිවේවා !