(අනීෂා මානගේ)
අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා රජයෙන් ලබා දුන් සහනය සෘජුවම ජනතාවට ලබා ගැනීමේ අරමුණින් සහ ඇඳරිනීතිය ඉවත් කළ පසු ජනතාව නගරවලට එකතුවීම අවම කරගැනීමේ අරමුණින් ගම් මට්ටමින් සතොස වෙළෙදසැල්වල නියෝජිතයන් පත් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ආරම්භ කරන බව අභ්‍යන්තර වෙළෙඳ , ආහාර සුරක්ෂිත හා පාරිභෝගික සුබ සාධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ අද (10) වීරකැටිය මැදමුලන නිවෙසේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.
සතොස අලෙවිසැල්වලින් සහන මිලකට අලෙවි කෙරෙන අත්‍යවශ්‍ය භාණ්ඩගම්වල සිල්ලර භාණ්ඩ අලෙවි කරන තෝරාගත් නියෝජිත වෙළෙදසැල් හරහා මිලදී ගැනීමට වැඩපිළිවෙලක් සකස් කරන බව අමාත්‍යවරයා කීය.
සෑම ගමකටම මෙලෙස නියෝජිත වෙළෙදසැල් එකක් හෝ දෙකක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයිද මෙමගින් අත්‍යවශ්‍ය ආහාර පාලන මිලක් යටතේ ලබා ගැනීමටත් ඇඳිරි නීතිය ඉවත් කළ පසු නගරවල තදබදය අවම කරගැනීමටත් හැකියාව පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.
තවද මෙයට අමතරව ඇතැම් ගම්මානවල වැසී ගොස් ඇති සමූපකාර වහාම විවෘත කිරීමට පියවර ගන්නා ලෙසට කොමසාරිස්වරයාට දැන්වූ බවද මෙම වෙළෙදසැල් හරහාද ජනතාවට සහන මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
1994 ට පසුව සතොස වරලත් අලෙවි යෝජිතයින් පත්කල කාලයක් තිබුනා. නමුත් ඒ කාලයේ පත්කරගෙන තිබුනේ දේශපාලන හිතවතුන් මෙන්ම කූඨ වෙළදුන් පිරිසක්. එනිසා එවර එම උත්සාහය වැරදී ගියා. මෙවර එවැන්නක් කිරීමට පෙර පලමුව නගරයේ සතොස ආයතන වල භාණ්ඩ සුලභ කරන්න. දෙවනුව පාරිභොගිකයාට සැලකිල්ලක් දක්වන අය තෝරාගන්න....
හිටපු මහ බැංකු අධිපති වත්මන් අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල්ට සේවක අර්ථ සාධක අරමුදල හැර වෙනත් විකල්පයක් ඇත්තෙම නැතිද? සේවක අර්ථ සාධක අරමුදල වියදම් කිරීමට රජයට උපදෙස් දීමට ආර්ථික උපදේශකවරුන් අවශ්‍ය නැත. 2005 - 2014 කාලය තුල සේවක අර්ථ සාධක අරමුදලේ තිබු කෝටි ගණනක් මුදල් " Greek Bond" බොන්ඩ් වලට යොදවා සේවක අර්ථ සාධක අරමුදල්ද විනාශ කලේ වෙනත් කවුරුත් නොව අප සියලු දෙනාම දන්නා කබ්රාල්ම වේ. 2005 - 2014 දක්වා කබ්රාල්ලාගෙන් උපදෙස් ගෙන ආර්ථික වසයෙන් රටට සිදුවූ යහපත කුමක්ද?
මොනවා හරි දෙයක් කලොත් හොදයි.. කළුකඩ මිලට මේ හැමට බදු විකුනන්නේ
කළයුතුව තිබුනෙ ඇදිරිනීතිය දැමීමත් සමගයි. උගත් තරුණයින් දේශපාලනයේ නොමැති පාඩුවයි මේ අත්විදින්නේ....
අනේ චමල් මුත්තේ.. නින්දෙන් ඇහැරුනාම ඔය වගේ දේවල් හිතෙනව තමයි.. දේශපාලන හෙංචයියන්ට තව පෝසත් වෙන්න විදියක් හදල දෙන්න ලේසිම විදියක් හොයාගෙන තියෙන්නෙ... ගම්වල වැහුන සමූපකාර අරින්න මහන්සි වෙන්න ඕන නෑ. තියෙන ඒවාට හරියට බඩු තොග බෙදල දෙන්න. ඒ හොදටම ඇති. සැමන්, පරිප්පු පාලන මිලට බේතකටවත් හොයාගන්න නෑ.. බන්ධුල ඇමතිතුමාගෙ කටින් විතරයි ඒ ගානට තියෙන්නෙ....
මෙයා ආයෙත් සතොසේ මොනාට හරි කොටන්න ලැහැස්ති වෙන්නේ...