( රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රී ලංකාවට පැමිණන සියලුම සංචාරකයින් හැකි විගසින් වහා නතරකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශන කථිකාචාර්ය ආයතනයේ හිටපු සභාපති ජෝ ලිවේරා මහතා පැවසීය.
අඩු තරමින් මාස දෙකක කාලයක් කිසිදු සංචාරකයකු ගෙන්වා නොගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.
සංචාරකයින් සමඟ සමීපව යැපෙන්නේ සංචාරක මාර්ගෝපදේශකයින් වන තමන් ඇතුළු පිරිස බවත් මෙවැනි තීරණයක් ගැනීමෙන් ඒ සියලු දෙනාට පෞද්ගලිකව රැකියාවලට බලපෑම් එල්ල වන නමුදු වැනි හදිසි අවස්ථාවකදී සමස්ථ රටම අනතුරට ලක් කීරීමට නොහැකි බැවින් මෙම තීරණය ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශන ආයතනයේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
ඡායාරූප හා විඩීයෝ - ( රොමේෂ් ධනුෂ්ක සිල්වා)


COMMENTS
නියම ආණ්ඩුවක් තියෙන්නේ. අද වෙනකල් සංචාරකයෝ එනවා කිසිම නිරෝධානයක් නැහැ.
බඩේ පාරත් කාගෙන මේ කරපු ඉල්ලීම සමස්ත ජාතියටම උදාහරණයකට ගන්න වටිනා දෙයක්!
මම දැන් විනාඩි කිහිපයකට කලින් ගුවන්තොටුපලට ගොස් ජර්මන් ජාතික යුවළක් රැගෙන ඔවුන්ගේ අදාළ හෝටලය වෙත ඇරලුවා. මා ලබා ගත් විදේශිකයන් දෙදෙනාත්, ඒ සමගම පිටරටින් පැමිණෙන අයගේ මගීන්ගේ පර්යන්තයේ සිටි තවත් බොහෝ විදේශිකයිනුත් සැබවින්ම ඒ වෙලාවෙ කිසිදු මුඛ ආවරණයක් පැළඳ සිටියේ නැහැ. මාගේ විදේශකයින් දෙදෙනාට මා මුඛ ආවරණ පිළිගැවූවාත් ඔවුන් එය පැළඳීමට අවශ්‍ය නැති බවත් ,ඔවුන් ආරක්ෂිත බවත් දන්වා සිටියා .ශරීරයේ උෂ්ණත්වය මනින ස්කෑනර් යන්ත්‍රයක් හැරුණුකොට ගුවන් තොටුපළේ මේ වෛරසය ගැන පරීක්ෂා කිරීමට වෙන කිසිදු උපකරණයක් භාවිතා කරන්නේ නැත. සැබවින්ම අපි ආරක්ෂිතද ?
හිඟාකන ආණ්ඩුවක්. වහන්න එයාර්පොර්ට් එක.
මේක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක්.
ජනතාවට මොනා උනාට අපිට මොකෝ.......සල්ලි සල්ලි .................ආණ්ඩු කරන මෙහෙම ඈයෝ....
මේකේ වැරැද්ද ආණ්ඩුවේද කාගේද කියන එක නෙවේ. හපන්කම සියලු දෙනාටම සෙත් පතලා දැහැමින් ජිවත් වෙන්න පුළුවන් අය රතන සුත්‍රය සජ්ඣායනා කරමින් රටටත් ලෝකයටත් සෙත් පතන්න.
අනිවාර්යෙන් ගුවන්තොටුපළ වහන්න ඕනි මේ වෙද්දී. තාම බලධාරියෝ නිදි.
මෝඩ නීති.
ගුවන්තොටුපළ වසා දැමීමෙන් සංචාරක කර්මාන්තය කඩා වැටෙනවා. සංචාරක කර්මාන්තය කඩා වැටුණාම බොහෝ දෙනාගේ ආදායම් අඩු වෙනවා. ආදායම් අඩු වුනාම ඡන්ද අඩු වෙනවා. මේ නිසාම කිසිදු ආණ්ඩුවක් රටේ ජනතාව මළත් එවැන්නක් නොකර සිටීම හෝ ප්‍රමාද කිරීම කරයි. පැවති, පවතින හා ඉදිරි කිසිදු ආණ්ඩුවකට බලය රැකගැනීම තරම් ජනතාව රැකගැනීම වන්නේ නැත.
මේ වසංගතයට මුලික රට වන චිනේ ඉඳන් එන සංචාරකයෝ නිරෝධනය නොකර රට තුළට එන්න ඉඩ හරිනවානම්, පලක් තිබෙනවද ? මොවුන් කියන කාරණයේ යම්කිසි සත්‍යයක් තිබෙනවා. ආණ්ඩුව වහාම චීනෙන් , කොරියාවෙන් එන විදේශික පුද්ගලයන් නතර කළ යුතුයි. චිනේ සිට එන ශ්‍රී ලාංකිකයන් නිරෝධන ක්‍රියාවලියට යොමු කරන්න. සතියක පුර්ව දැනුම් දීමකින් පසු සංචාරකයන් රට තුළට එන එක නතර කළත් කමක් නැහැ. සංචාරක හෝටල් වල සේවය කරන සේවකයන්ට ( සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි ) වැටුප රජය මගින් ගෙවන්න. එතකොට ඔවුන්ට ජිවත් වෙන්න පුළුවන්. මේක සංචාරක මණ්ඩලේ ලියාපදිංචි හෝටල් වල සේවකයන්ට පමණක් සිමා කරන්න එපා.
අවුරුද්දට ලංකාවට එන්න ටිකට් අරගෙනත් ඉවරයි. ඒ වුණාට රට සහ අපේ පවුල් වගේම හැමදෙනාම ගැන හිතලා නොඑන්න වෙයි වගේ...
ලෙඩ රට ඇතුලට අරන් ජනතා සහාය ඉල්ලුවාට වැඩක් නෑ.
මෝඩ හරක්...... එයාපොර්ට් එක වහලා රටක් ගෙනියන්නේ කොහොමද ? ඔබලා කියන්නේ වරායත් වහන්නද?
ලෝකයේ කුමන රටක සංචාරකයින්ව නැවැත්තුවත් කමක් නැහැ. සංචාරක හෝ රැකියාවල නියුතු ගරු චීන මහත්ම මහත්මීන්ව නම් නවත්වන්න එපා. අපි දෙගොල්ලන්ටම අයිති මේ රටේ අපි සහයෝගයෙන් ජීවත් වෙන්න ඕනා. අර "අතින් කාලා හරක් බලපු" රට හරක් ටික නම් ඒ රටවලටම ගාල් කරන්න ඕනා. පිටරටවලින් කාලා ලංකාවේ පහරන පුහු දේශප්‍රේමී අඥානයෝ. රුපියල් 7500 කට නාහෙන් හැඬුවා ලෝකෙටම ඇහෙන්න.
මේවගේ යෝජනා අතිශය වැදගත්... ආණ්ඩුව වහාම මේ ගැන තීරණය ගත යුතුයි. අපි දූපතක් වීම ලොකු වාසියක්... ඒ නිසා පිටින් ගොඩඑන්න තියෙන සියළුම ඉඩකඩ ඇසුර රටේ ජනතාව රැකගැනීම රජයේ වගකීම ආණ්ඩුවේ 3න්2 පස්සේ හොයාගන්න පුළුවන් මිනිස්සු මැරෙන්න ගත්තොත් 3 න් 3 ගත්තත් වැඩක් තියේද?