(තිළිණි ද සිල්වා)
සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කළ බව එම මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පිහිටි ගොඩනැඟිල්ලේ , 21 නව මහලේ සේවකයකුට කොරෝනා වයිරසය වැළදී ඇති බව තරහවුරු කර ගෙන තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කළේය.
මේ හේතුවෙන් මහ කොමසාර්ස් කාර්යාලයට පැමිණෙන අයගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව පිණිස අද (30) සිට සති දෙකක කාලයක් තාවකාලිකව මහ කොමසාරිස් කාර්යාලය වසා තබන බව කාරුණිකව දන්වා සිටින බව එම කාර්යාලය පවසයි.
හදිසි අවශ්‍යතා සඳහා පහත සඳහන් දුරකථන අංක අමතා තොරතුරු ලබා ගන්නා ලෙස සිංගප්පූරු මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව කන්සියුලර් රාජකාරි සඳහා :- 6587414011 / +6586546759 යන දුරකථන අංකයන් ගෙන්ද , විද්‍යුත් තැපෑල - [email protected] සහ විගමන සේවකයින් සහ ගෘහස්ත සේවයේ නියුතු සේවිකාවන් සඳහා :-6584981785 / 65 91810257 යන දුරකථන අංකයන් හා ඊ විද්‍යුත් තැපෑල [email protected] හරහා තොරතුරු ලබා ගත හැකි බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියයි.
2025 නොවැම්බර් මස 17
75
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
907
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2530
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල සති දෙකක් වසා දමයි