IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘‘සෞඛ්‍ය නිර්දේශ මත අන්තර් පළාත් ප්‍රවාහන සේවය ආරම්භ කරන්න පුළුවන්‘‘

(චන්ද්‍රසේන ගමගේ)

සෞඛ්‍ය අංශ නිර්දේශ ලබා දෙන්නේනම් ලබන සඳුදා සිට අන්තර් පළාත් ප්‍රවාහන සේවය සඳහා අවසර ලබා දීමට සූදානම් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (15) පැවසීය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය.

මේ රටේ කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟම සියළු අංශ අක්‍රීය වුණා .ප්‍රවාහන අංශය ඉන් ප්‍රධානයි.ලංගමය හා දුම්රිය විශාල ලෙස අලාභ ලබමින්  තමයි කොරෝනා වසංගතයට මුහුණ දි සිටින්නේ.

පෞද්ගලික ප්‍රවාහන සේවයත් මේ වන විට ගැටළු  රැසකට මුහුණ දි තිබෙනවා.ඔවුන් සඳහා සහන සලසන්න රජය මේ වන විටත් පියවර අරගෙන තිබෙනවා.කොහොම නමුත් ප්‍රවාහන ක්ෂේත්‍රය යතා තත්වයට පත් කිරීම සඳහා ජනතාවගේ වගකීම් සහගත හැසිරීම දැඩි ලෙස බලපානවා.

ඉදිරියේදි ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාමට පමණයි බස් රථවලට හා දුම්රියට ඉඩ දෙනු ලබන්නේ.දුම්රිය දෙපාර්තමෙන්තුව සතුව තිබෙන්නේ මගී ආසන 26000 ක් පමණයි.

ලක්ෂ එකහමාරක් පමණ දිනපතා මගීන් දුම්රියේ හිටගෙන ගමන් යනවා.ඉදිරියේදි ඒ ප්‍රමාණය දුම්රියට නැති වෙනවා.දුම්රිය දෙපාර්තමෙන්තුවට මෙය ඉතාමත් අලාභයි. නමුත් අපි ඊට මුහුණ දිය යුතුයි.

විදුලි බල මණ්ඩලය ගත්තත් මේ වන විට ආදායම ඉතා දරුණු ලෙස පහළ වැටී තිබෙනවා. සේවක පඩි ගෙවන ප්‍රමාණයට පමණයි දැන් තිබෙන ආදායමෙන් පුළුවන් කම තිබෙන්නේ.

මහාපරිමාණ  කාර්මාන්ත ශාලා හා  හෝටල් සංකීර්ණ වලින් ලැබෙන ආදායම පහළ බැස තිබෙනවා.නිවාස වලින් ලැබෙන ආදායමෙන් පමණක් විදුලි බල මණ්ඩලය නඩත්තු කරන්න පුළුවන් කමක් නෑ.

ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු බිල්පත් උපරිම ලෙස ගෙවන්න කියා.

 



අදහස් (2)

‘‘සෞඛ්‍ය නිර්දේශ මත අන්තර් පළාත් ප්‍රවාහන සේවය ආරම්භ කරන්න පුළුවන්‘‘

Samitha Senaka Aluthgamage. Friday, 15 May 2020 10:52 AM

බස්වල, කෝච්චිවල මගීන් විඳපු දුක්පීඩා අනන්තයි. ඒ වගේම ස්ට්‍රයික් වලදීත් එහෙමයි. දැන් ප්‍රවාහන අංශ වුර්තීය සමිති කාරයින්ට නොරැවටී මගී ජනයාට හොඳ සේවයක් ලබාදීමට අදිටන් කරගත යුතුයි.

:       0       75

de silva Friday, 15 May 2020 02:06 PM

ලෝක වෙළදපලේ තෙල් මිල අඩුවීමේ සහනය කොරෝන ප්‍රශ්නය ඉවර වෙනකම් වත් ජනතාවට දෙන්න.. එවිට අපිට අපේ යතුරුපැදි , ත්‍රිරෝධ රථ සහ පුද්ගලික වාහන වලින් වැඩට යන්න පුළුවන්... එවිට දුම්රිය , බස්රිය තදබදය අඩු වේවි...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13267 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site