IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ස්කොට්ලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ඉල්ලා අස්වෙයි

තමා විසින්ම පනවන ලද නියෝග කඩකිරීම හේතුවෙන් එල්ල වූ විරෝධය ස්කොට්ලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය කැතරීන් කෝල්ඩර්වුඩ්ට එම ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදුව ඇත.
 
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා නොතකමින් ඇය දෙවරක් ඇයගේ පෞද්ගලික නිවහනක් වෙත ගොස් ඇත. ‘ස්කොටිෂ් සන්’ පුවත්පත ඇය නිවසට යන ඡායාරූප පළකිරීමෙන් අනතුරුව පොලිසිය ඇයට අනතුරු ඇඟවීමක් ද කර තිබූ බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කර තිබිණි.
 
කෙසේ නමුත් ඇය දෙවැනි වරටද නිවස වෙත ගොස් ඇති අතර විපක්ෂයෙන් සහ මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් වෛද්‍යවරියට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.
 
ඒ අනුව තමා කළ වරදට සමාව ඉල්ලූ ඇය ඉදිරියට ධුරයේ කටයුතු කරන බව මුලදී ප්‍රකාශ කළාය. කෙසේ නමුත් එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් ඇයට ධුරයෙන් ඉවත් වීමට සිදු වූ අතර ඉරිදා රාත්‍රියේදී නිවේදනයක් නිකුත් කරමින් ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.
 
බී.බී.සී./ද ගාඩියන් 


055



අදහස් (10)

ස්කොට්ලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ඉල්ලා අස්වෙයි

නෙවිල් Monday, 06 April 2020 01:19 PM

බ්‍රිතාන්‍යයේද, ස්කොට්ලන්තයේද?

:       0       0

Sasanka Monday, 06 April 2020 01:24 PM

ස්කොට්ලන්තයෙයි, බ්‍රිතාන්‍යයෙයි වෙනස නොදන්නවා වගේ .

:       0       0

jayath Monday, 06 April 2020 01:42 PM

එහෙ නම් එහෙම තමයි... නමුත්මෙහෙ මලාට අස්වෙන්නේ නැහැ කව්රුවත්...

:       0       0

මහේන්ද්‍ර Monday, 06 April 2020 02:30 PM

ඒකටත් එක්ක අපේ රටේ ඉන්න එකාලා? දාලා යන්ඩ කැමතිම නැහැ. මොන ගේමක් ගහලා හරි එල්ලීගෙනමයි ඉන්ඩ හදන්නේ ?

:       0       0

නාමල් Monday, 06 April 2020 03:58 PM

ස්කොට්ලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.

:       2       219

දසුන් Monday, 06 April 2020 05:18 PM

නීති තියෙන්නෙ පොඩි මිනිහාට විතරයිනෙ. ඇයි මේ නිලධාරිනියට මේක තේරෙන්නෙ නැත්තෙ?

:       58       135

සාරසී Monday, 06 April 2020 06:45 PM

එයාත් ඉතින් අනිත් අය වගේ ඉන්න තමයි බලලා තියෙන්නේ , නමුත් දැඩි මහජන විරෝධය නිසා යන්න වෙලා වගේ...

:       0       0

ranjan Tuesday, 07 April 2020 02:40 AM

අනේ ලංකාවට එන්න. මෙහෙ බෙදන්නේ විවිධ හැදි වලින්. ගැටලුවක් නෑ.

:       4       1

Amula Tuesday, 07 April 2020 03:42 AM

ඒ රටවල තියන මහත්මා දේශපාලනය ලංකාවෙ දකින්න වෙනවා අඩුයි. මොකද බලයේ සිටින්නනේ මෙ හැමදේම කරන්නේ...

:       0       1

de silva Tuesday, 07 April 2020 04:26 AM

අපේ දොස්තරලා නම් හැදුනුම්පත අදිරි නිති බලපතක් වශයෙන් භාවිත කරමින් පුද්ගලික නොවන වැඩ වලට රට වටේම රවුම් ගහනවා... කිසිම ප්‍රශ්නයක් නැහැ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 12 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 860 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site