IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශ්‍රී ලංකාවේ 11 වැනි කොරෝනා අසාදිත මරණයත් වාර්තාවෙයි

ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත 11 වැනි  පුද්ගල  මරණය අද (01) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල්     ජා සිංහ මහතා පැවසීය.

මිය ගිය පුද්ගලයා කුවේට් සිට පැමිණ  හෝමාගම රෝහලේ  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර බලමින් සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 822 ක් වන අතර 801 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.



අදහස් (9)

ශ්‍රී ලංකාවේ 11 වැනි කොරෝනා අසාදිත මරණයත් වාර්තාවෙයි

janahitha Monday, 01 June 2020 03:21 AM

ඔය කියන විදිහට එයා ලංකාවේ කෙනෙක් නොවේ.

:       0       2

Saman -male Monday, 01 June 2020 03:44 AM

නිවන් සුව පතනවා...!. අපරාදෙ රජයෙන් ඉල්ලීමක් කරපු වෙලාවෙ මේ අය ගෙන්වා ගන්න තිබියදීත් බලධරයන් කල් මරපු එකේ ප්‍රතිඵල තමයි මේ... අද වෙනකොටත් රජයෙන් නිසි ක්‍රමයක් නැහැ.. රටවල්වල අතරමං වෙලා ඉන්න අය ගෙන්වා ගන්න..

:       166       411

Dubai VajiraMonday, 01 June 2020 06:15 AM

ශ්‍රී ලංකාවේදී සිදුවුණු 11 වෙනි මරණය වුණාට ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් මේ වනවිට යුරෝපයේ, ඇමෙරිකාවේ සහ මැදපෙරදිග මියගොස් තිබෙනවා. රටේ ආර්ථිකයට උරදුන් මැදපෙරදිග ශ්‍රමිකයින් බොහෝ දෙනෙක් රැකියා අහිමි වී යන එන මං නැතිව රෝගයට ගොදුරු වීමේ අවදානමට ලක් වී සිටිනවා. මේ අයට බඩගින්න නිවාගන්න වියලි ආහාර ද්‍රව්‍ය ටිකක් ලබාදෙන්නවත් අපේ තානාපති කාර්යාලවලට සල්ලි නැහැ කියනවා. මේ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ගැන අපේ රටට වගකීමක් නැද්ද?

:       37       123

NissankaMonday, 01 June 2020 06:20 AM

මැදපෙරදිග රැකියා අහිමි ශ්‍රී ලාංකිකයින් කන්න බොන්නවත් නැතුව අසරණ වෙලා ඉන්නේ... දැනටමත් කටාර්වල, සාජාවල අපේ කොල්ලෝ පාරේ අතපානවා. මේවා ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රචාරය වුනාම තමයි අපේ රටේ නරිවාදම එළිවෙන්නේ...

:       63       122

සමිත සේනක අලුත්ගමගේ. Monday, 01 June 2020 04:18 AM

මේ වයිරසයේ ප්‍රභේද කිහිපයක් තිබෙන බව සොයාගෙන තියෙනවා. ඒ නිසා පිටරට සිටන් එන අය ගැන නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න. වැඩේ වන කරගත්තොත්, අපත්, රටත් සූනේ සුන්...!

:       0       60

සමන් ඕස්ට්‍රේලියාව Monday, 01 June 2020 04:42 AM

මිනිස්සුන්ට මේ රෝගයේ බරපතලකම තේරෙන්නේ නැහැ. ප්‍රංශයේ රෝගී වූ අයගෙන් 15%ක් මැරිලා තියෙනවා. අපිත් ප්‍රවේශම් නොවුණොත් එ් තත්වෙට ළඟාවෙනවා..

:       543       30

de silva Monday, 01 June 2020 08:05 AM

රෝගය භයානකයි කියලා පුරවැසියන්ට රටට ඇතුල්වීම තහනම් කරලා අරාබි කරයේ රටවල සිරකඳවරු වල බඩගින්නේ මැරෙන්න ඉඩ අරින්න එපා... එහෙම වුනොත් කොරෝනා නීති පැත්තකට දමලා අතරමන් වෙලා ඉන්න මිනිසුන්ගේ නෑදෑයෝ හිතවතුන් පාරට බහීවි.. එහෙම තත්වයක් ඇතිවුනොත් ලබන ඡන්දෙදී ආණ්ඩුව අනිවාර්යයෙන් පරදිනවා.. අලුත් ආණ්ඩුවක් අාවොත් අන්තනෝමතික තීන්දු, තීරණ ගත්තු නිලධාරීන්ට හිරේයන්න පුළුවන්... රනිල්ලාට එවැනි වාතාවරණයක් තුළ ඇපත් නොමැතිවෙන නිසා බේරාගන්න කවුරුවත් නැත. ලංකාවේ උෂ්ණාධික දේශගුණය නිසා ලංකාවේ සාමාන්‍ය සමාජය තුළ යුරෝපයේ මෙන් සීඝ්‍රයෙන් පැතිරීමක් නොමැත... රෝගය බෝවෙලා තිබෙන්නේ ඔක්කොම එක පොදියට ජීවත්වෙන නිරෝධායන මධ්‍යස්ථානවල සහ හමුදා කඳවුරු තුළය. නිලධාරිනි, වහාම ජීවිත බේරාගන්න ක්‍රියාත්මක වන්න. බැරිනම් පුළුවන් කෙනෙකුට කරගන්න ඉඩදීලා තනතුරු වලින් ඉවත් වෙන්න...

:       116       125

samanMonday, 01 June 2020 08:40 AM

ඔබ වැනි අය කලින් කෑ ගැසුවේ එයාපෝර්ට් නියම වෙලාවට වහපු නැති නිසා ලංකාවට කොරෝනා ආවා කියලා නේද..?

:       1       127

FernandoMonday, 01 June 2020 10:51 AM

එයාපෝට් වහන්න තිබුනේ විදේශ සංචාරකයින්ට මිස අපේ රටේ මිනිසුන්ට නොවේ. කිසිම රටක් තමන්ගේ රටවැසියන්ට දොරවල් වැහුවේ නැහැ. මේ අය කලින්ම ගෙන්වා ගන්න තිබුනේ ඔවුන්ට රෝගය වැළදෙන්න පෙර...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site