( දිල්රුක්ෂි ග්‍රේරු)
ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඊයේ (29) සවස වන විට ආසාදිතයින්මේ ගණන 117ක් ලෙස වාර්තා වී තිබිණි.
මේ වන විට තවත් ආසාදිතයින් තිදෙනකු වාර්තා වී තිබේ. ඒ සමඟ මුළු ආසාදිතයින් 120 දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා වයිරසය අසාදිත වීමෙන් එක් පුද්ගලයකු මිය ගියේය. එමෙන්ම පුද්ගලයින් 11 දෙනකු මේ වන විට සුවය ලබා පිටව ගොස් ඇත.
අද උදෑසන වන විට කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සැක මත රෝහල්ගතව සිටි සංඛ්‍යාව 117 ක් වුවද දහවල් 12.30 වන විට තවත් තිදෙනකු රෝහල් වලින් පිටව ගොස් තිබිණ. අද දහවල් වන විට කෝවිඩ් - 19 වයිරසය සම්බන්ධයෙන් සැක මත රෝහල් ගතව සිටියේ 114 දෙනකු පමණි.

COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
117 කියන අගය මට නොවෙයිනේ...
කොහෙද කන්න නැතිව ඉන්නේ? එහෙම ඉන්නවා නම් ඒවා හොයා බලා කටයුතු කරන්න තොපිටත් වගකීමක් තියෙන බව දන්නේ නැද්ද? අනික කොහෙවත් බඩ ගින්නේ නැහැ.... මොනවා හරි කාල මිනිස්සු ඉවසීමෙන් ඉන්නේ මේකේ කෙළවරක් දකින්න මේ ලියන මමත් එහෙමයි තියෙන ටික පරිස්සම් කරගෙන වෙනදා වගේ නැතිව ප්‍රවේසමෙන් කන්නේ බොන්නේ නුඹලා තමයි...
දොස්තරලා 55ට වැඩි ප්‍රමාණයක් ඉතාලියේ මරුට... සෞඛ්‍ය අංශයේ 4000 ක් ආසාදිතයන්. ප්‍රවේසම් වෙන්න .