(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සමස්ත ලෝකයම මුහුණදී ඇති ආර්ථික හා සාමාජයීය තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවට ගැළපෙන ආර්ථික ක්‍රමවේදයකට යොමු වීමට දැනටමත් සැලසුම්කර ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(06) පැවැසීය.
වයිරසයේ බලපෑම හේතුවෙන් මේ වනවිට පසුබෑමට ලක්ව ඇති ඇගළුම් සහ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සම්බන්ධයෙන් විශේෂඥ උපදෙස් ලබා ගනිමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එම උපදෙස් අනුව, අවස්ථාව ලද සැණින් රජය ක්‍රියාත්මක වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කොරෝනා පැතිරයාම සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ සමගි ජන බලවේගය අතර අද ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
එය තමයි හොදම දේ... අපේ කෘෂිකර්මාන්ත දියුණු කලොත් රටේ අනෙක් ප්‍රශ්න හොදින් විසදා ගන්න අවස්ථාව නිකන්ම ලැබෙනවා.
කොරෝනා වසංගතය ආශිර්වාදයක් ලෙස සලකා ජනතාව ගේ වෙනස් වී තිබෙන මනස මනාලෙස අවබෝධය කරගත් ශ්‍රි ලංකාවේ ජනාධිපතිතුමාට තිසරණ සරණයි... කාන්තාවන් කාලය කා දමන ටෙලි නාටක සියල්ලම නවතා දමන්න. බාර් සදහටම වසා දමන්න ජනාධිපතිතුමනි....