(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට ගුවන් මගීන් රැගෙන පැමිණෙන සියලුම මගී ගුවන් යානා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණිමට පනවා තිබූ තහනම අප්‍රේල් මස 07 වැනිදා තෙක් දීර්ඝ කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ .
මෙම ගුවන් ගමන් තහනම මේ මස එනම් මාර්තු මස 31 දා අවසන් වීමට නියමිතව තිබුණි .
ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන තත්වය සැලකිල්ලට ගනිමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම තීරණයට එළඹී තිබේ .
එහෙත් වෙනත් රටවල් කරා පිටත්ව යෑමේ අදහසින් ගුවන් තොටුපළ වෙත සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා වලටත් , හදිසි අවශ්‍යතා මත (Emergency Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , කාර්මික දෝශ නිසා ( Technical Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , ආහාර සහ ඉන්ධන ලබා ගැනීම සදහා ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා වලටත් තවදුරටත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතව පවතී .
COMMENTS
මේවා දිගු කරන්නේ අර ඉතාලියේ සිට පැමිණි සිංහල කිහප දෙනාගේ , අටළු ගම , අකුරණ , පුත්තලමේ මුස්ලිම් ජාතිකයන්ගේත් , යාපනේ දෙමල පුජකයා වැනි අතලොස්සකගේ නොහොබිනා වැඩ නිසාය. මේ සියලුදෙනාටම විරුධව වහාම නිතිය ක්‍රියාත්මක කොට දැඩි දඩුවම් දෙන්න. මේක විශේෂ නඩු කටයුත්තක් ලෙස අරම්බහ කර සති 2-3 ඇතුලත් තීන්දුවක් දෙන්න. එතකොට ඉදිරියට අනෙක් පුද්ගලයන් මෙවැනි වැරදි කරන එකක් නැහැ.
කෙසේ වෙතත් ගුවන් ගමන් තහනම දිගටම තව කලක් පවත්වන්න. දැක්කනේ ඉතාලියෙන් පැමිණි අය දුන්න ආදර්ශය.
අශ්වයා ගියාට පස්සේ තමයි ඉස්තාලය වැහුවේ...
කරුණාකර 7 පස්සේ කවුරුහරි ලංකාවට අවොත් අනිවාර්යයෙන්ම රජයේ නිරෝධන මධ්‍යස්ථානයකට යවල නිරෝධනය කරන්න. ගෙදර නම් යවන්න එපා. දැක්කනේ අටළුගම, අකුරණ සිදු වුන දේ ? දැන් ඉඳන්ම අවශ්‍ය මධ්‍යස්ථාන ඉදිකරන්න ක්‍රියාකරන්න. එතකොට පිටරටවල හිර වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඒවා හරහා නිරෝධනය කර සමාජ ගතකරගන්න පුළුවන් . මධ්‍යස්ථානවල ඉඩ නැතිනම් කවුරුවත් රට තුලට ගන්න එපා ,
මම නම් කැමැතියි තාව මාසයක් වහනවා නම් ... බුදු සරණයි .