IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වි.සං.නි. කොමිසමට පැමිණීම වෙන්කරගත් වේලාවලදී පමණයි

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

කොරෝනා වසංගත තත්වය හමුවේ රාජකාරී කටයුතු වෙනුවෙන් සිය සේවාස්ථානයට පැමිණෙන පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ පියවර කිහිපයක් අනුගමනය කරන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පාරිභෝගිකයන් 1900 යන දුරකතන අංකය අමතා, කලින් වෙන්කරගත් දින වේලාවන් අනුව එහි පැමිණිය යුතු බවද, දුරකතන මාර්ග ඔස්සේ මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ද පාරිභෝගික ගැටලුවලට විසඳුම් ලබාදීමට ක්‍රියාත්මකව සිටින බවද, එම කොමිෂන් සභාව සඳහන් කරයි.

වසංගත තත්වය හමුවේ සේවාලාභීන්ගේ මෙන්ම කාර්ය මණ්ඩලයේද උපරිම ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කෙරේ.

මාර්තු මාසයේදී සක්‍රිය කර ඇති සිය සේවා ඉල්ලීම් සඳහා වන පහත දැක්වෙන විද්‍යුත් තැපෑල පාරිභෝගික ජනයාට දිගටම භාවිත කිරීමේ හැකියාව පවතී.

[email protected]  -   බලපත්‍රලාභී, ලියාපදිංචි වු අලෙවිකරුවන් සඳහා අවශ්‍ය සේවා ඉල්ලීම් වෙනුවෙන් භාවිතා කළහැකිය.
[email protected]   -  පෞද්ගලිකව ගෙන්වන උපකරණ නිෂ්කාශන කරගැනීමට කෙරෙන ඉල්ලීම් ආදිය සඳහා භාවිතා කළහැකිය
[email protected]   -  පැමිණිලිකිරීම්, සේවා අවශ්‍යතා හෝ පැහැදිලි කරගැනීම් සඳහා


සේවාවන් සම්බන්ධයෙන් වන පැමිණිලි සඳහා [email protected] විද්‍යුත් තැපෑල භාවිතා කළ හැකි බවද  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව  වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

වි.සං.නි. කොමිසමට පැමිණීම වෙන්කරගත් වේලාවලදී පමණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 92 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 944 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site