කොරෝනා වයිරසය ආරම්භ වූ චීනයේ වූහාන් නගරය අද (23) වනවිට යථා තත්ත්වයට පත්වීමත් සමග වූහාන් නගරයේ සියලු කටයුතු වසා දැමීමේ  ක්‍රියාවලිය අද සිට ලිහිල් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.

වූහාන් නගරයට මෙම දැඩි නීති පනවනු ලැබූයේ, පසුගිය ජනවාරි 23 වැනිදා වනවිට කොරෝනා මරණ 25 ක් වාර්තා වන පසුබිමකදීය. 

මේ ලිහිල් කිරීමත් සමග පොදු ප්‍රවාහන කටයුතු අද (23) දින නැවත ආරම්භ කරන අතර සෞඛ්‍ය සම්පන්න පිරිස් වෙත අද දිනයේ සිට වැනිදා මෙන් සිය වැඩකටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබිණි.

වූහාන් නගරය තුළ සිටින විදේශීකයින්ට, පරීක්ෂාවකින් පසුව වයිරස වැළඳී නොමැති බවට තහවුරු වීමෙන් පසු නගරයෙන් පිටවීමට අවස්ථාව හිමිවනු ඇත.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ චීන ඒකාබද්ධ මෙහෙයුම් වාර්තාව සඳහන් කළේ, ඉතිහාසයේ වඩාත්ම ආක්‍රමණශීලි රෝග පාලනය කිරීමේ කඩිසරම උත්සහය චීනය ගත් බවයි.

 (125 )

චයිනා ඩේලි ඇසුරෙනි  ...