නිශාන්ත කුමාර
අවුරුදු දෙකහමාරක් වයසැති වසු පැටවකු මරා මස් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගලඋඩ උණගොල්ල ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අද (19) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය උණගොල්ල ගම්මානයේ පදිංචි අවුරුදු 37 ක් 56 වයසැති පුද්ගලයින් දෙදෙනෙකි.
පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පැමිණෙන අවස්ථාවේදී වසු පැටවා මරා මස් රැගෙන ගොස් තිබූ අතර හිස සහ පාද හතර පමණක් ඉතිරි කර තිබූ බවද පොලිසිය පවසයි.
සැකකරුවන් බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ මොකට මෙම මස් වැද්දන් දෙන්නව නීතිය ඉදිරියට ගෙනිච්චද මන්දා? දැන් ගම්කබරයින් ගාණක් කපාගෙන ගල් පැලෙන ගොන් තර්ක මහා හඩින් කෑ ගහලා මුන්දෙන්නාට ඉතාම සුළු මුදලකට ඇපත් ලබා ගනීවි. ඇත්ත වශයෙන්ම මෙම ඌරන් දෙදෙනාට කැළෑ නීතිය ක්‍රියාත්මක කරාට පව් නැත.
මෙවැනි අපරාධ වලට බරපතල දඬුවම් දිය යුතුයි. ඒත් ලංකාවේ නීති ඊට ප්‍රමාණවත් නෑ. අලුත් නීති හදන්න පාලකයන් ක්‍රියා කරන්නෙත් නෑ. ඉතින් හරක් හොරුන් රජ වෙන එක අහන්න දෙයක්ද? ඊයේ පෙරේදා දවසක මී හරකෙක් ගෙදරක මස් කරලා පොලීසියට අහුවුණා. ඒ එක පොලිස් නිලධාරියෙක් මොකද්ද කීවේ?. " ඔයා මේ වැඩේ ගව ඝාතකාගාරයක කළා නම් ඉවරයිනේ.. " කියලා. ලංකාවට වෙච්චි දෙයක්. ගවයන් විතරක් නෙවේ මේ තත්ත්වය යටතේ හැම සතෙක්ගේම ජීවිතය අනතුරේ... ජනතාව මේ වාතාවරණයට විරුද්ධව ක්‍රියා කළ යුතුයි...
කිසිම වගකීමකින් තොර, කිසීම වෛද්‍ය පරීක්ෂණයකින් තොරව මේ විදිහට සත්තු සිව්පාවුන් මරාගෙන අනුබව කිරීම දැන්වත් රජය විසින් නියමාකාර විදිහට පාලනය විය යුතුයි.. ඉබෝලා, කොරෝනා.. ලෝකයට බිහි වුනෙත් මේ විදිහට සත්තු මරාගෙන ආහාරයට ගැනීමෙන් නේද..? මසට ඇති .. දැඩි කරන සතුන් වුනත් අනුබව කලයුත්තේ වෛද්‍ය පරීක්ෂණයකින් පසුවයි.
මෙහෙමත් කාලකන්නි.., වැහි නැති හෙණ වදියි...
මේ වගේ අය මුළු ලෝකෙම ඉන්නවා. වැහි නැති හෙන පාත් වෙන්නේ පොදුවේ හැමෝටම.