(සජීව විජේවීර)
කොරෝනා වයිරසය මර්ධනය කිරීම සඳහා පොදු ස්ථානයන්හි විෂබීජහරණ කුටි පවත්වාගෙන යාම ප්‍රායෝගිකව සාර්ථක ක්‍රියාවක් නොවන බවත් එමගින් විෂබීජහරණයට යොමුවන පුද්ගලයන් අනතුරුදායක තත්ත්වයකට පත්වන බවත් ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය දැනුම්දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රෝහල්වලත් විශාල පිරිසක් සිටින රැකියා ස්ථාවල මෙන්ම පොදු ස්ථානවලත් විෂබීජහරණ කුටි සවිකිරීම සිදුකරමින් පවතී. මේ කුටි බොහොමයක් පරිත්‍යාග ලෙස ලැබෙන ඒවා බව ද පෙනෙන්නට තිබේ.
යම් ස්ථානයකට ඇතුළුවන හා පිටවන තැන්වලව මේ කුටි සවිකරන අතර සෑම පුද්ගලයකුට ම ඒ හරහා ගමන් කිරීමට උපදෙස් දෙන ආකාරය ද දක්නට ලැබෙයි. මෙම කුටි ඇල්කොහොල්, ක්ලෝරීන් සංයෝග, ඕසොනේටඩ් ජලය, සබන් මිශ්‍රිත ජලය, ඕසෝන් බවට පත්කරන ලද ඔක්සිජන් සහ පාරජම්බූල කිරණ ඇතුළු විවිධ මාදිලි භාවිතයෙන් මෙම කුටි ක්‍රියාත්මක කරයි..
මෙලෙස විෂබීජහරණ ක්‍රියාව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය පිළිබඳ ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය විසින් අවධානය යොමු කර තිබේ.
ලෝක සෞඛය සංවිධානය ඒ පිළිබඳ පවසන්නේ මෙවැනි කරුණකි.
'' පුද්ගලයන් හෝ කණ්ඩායම් වෙත විෂබීජ නාශක ඉසීම කිසිදු තත්ත්වයක් යටතේ නිර්දේශ නොකරන බව අපි තරයේ අවධාරණය කරන්නෙමු. රසායනික විෂබීජ නාශක හෝ ඩිටර්ජන්ට් සහිත ද්‍රව්‍ය පුද්ගලයකු හෝ කණ්ඩායමක් වෙත ඉසීම ශාරීරිකව හා මානසිකව හානිදායක වන අතර කොවිඩ් - 19 පැතිරීම සීමා කරන්නට මෙවැනි ක්‍රියාවන් හේතුවක් නොවේ. වයිරසය ආසාදනය වූ අයකුගේ වුව ද ශරීරයේ බාහිරයට මෙලෙස විෂබීජ ඉසීමෙන් සිරුර තුළ ඇති වයිරසය විනාශ නොවන අතර පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් නරක අතට හැරීමේ අවදානමක් තිබේ."
ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයන් පවසන්නේ මත්පැන් හෝ වෙනත් විෂබීජ නාශක කොරෝනා වයිරසය මර්ධනය සඳහා ඵලදායී ලෙස යොදා ගැනීමටනම් පුද්ගලයන් යම් කාලයක් මෙවැනි විෂබීජනාශක සමග සිටිය යුතු බවයි. නමුත් විෂබීජනාශක කුටිවල ස්වභාවය එලෙස සිටීම සඳහා සුදුසු නොවන බව ද ඔවුන්ගේ මතයයි.
මෙයින් සිදුවන්නේ වටිනා විෂබීජනාශක නිකරුණේ විනාශවීම සහ ගිනි ගැනීම් වැනි අවදානම්ද ඇතිවීමයි.
කොරෝනා වයිසරය සම්ප්‍රේෂණය වන ප්‍රධානතම ක්‍රමය ලෙස හඳුනාගෙන ඇත්තේ අපිරිසිදු දෑත් වලින් ඇස්, නාසය හා මුඛය ස්පර්ශ කිරීමයි. එබැවින් මෙම වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මුළු සිරුරටම විෂබීජනාශක ඉසීමෙන් වැළකී අත් පිරිසිදුව තබාගැනීම උත්සාහ ගැනීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය පෙන්වා දෙයි.
එම ආයතනය පවසන්නේ විෂබීජනාශක කුටිවල ඇති මධ්‍යසාර සහ අනෙකුත් රසායනික විෂබීජනාශකවල ක්‍රියාකාරීත්වයෙන් කොරෝනා පැතිරීම වැළැක්වීමේ අරමුණ ඉටුකරගත නොහැකි බවයි. එමෙන්ම මෙම රසායනික විෂබීජනාශක මිනිස් සිරුරට විවිධ අහිතකර බලපෑම් ඇතිකරන බවත් විශේෂයෙන් ම ක්ලෝරීන් ඉසීමෙන් ඇස්වල ආබාධ ඇතිවීමට හා සමේ ආසාත්මිකතා ඇතිවීමට ඉඩ තිබෙන බවටත් අනතුරු අඟවා ඇත.
මෙවැනි රසායනික ආශ්වාස කිරීමෙන් වමනය හා ඔක්කාරය ඇතිවනබව ද වෛද්‍ය මතයයි. ඒවා පෙනහළුවලට ද හානිකළ හැකිය. ඇදුම වැනි නිදන්ගත ශ්වසන රෝග ඇති අයට එවැනි රෝග උත්සන්න වීමේ දැඩි අවදානමක් මේ නිසා හටගනී. එමෙන්ම පිළිකා කාරක ලෙස ද මෙම රසායනිකයන් ක්‍රියාකිරීමට ඉඩ තිබේ. මෙවැනි රෝගවලට එරෙහිව සටන් කිරීමට සිරුරට ඇති හැකියාව විෂබීජනාශක රසායනික විසින් නැතිකර දමනු ලබයි.
පාරජම්බූල කිරණවලට අධික ලෙස නිරාවරණනය වීමෙන් ඇතැම් පුද්ගලයන්‍ගේ ඇස්වල තුවාල සිදුවීම, සම පිළිස්සීම හෝ සමේ පිළිකා ඇතිවීම සිදුවන බව ද පැවසේ. කෙසේ වෙතත් මේ දක්වා අජීවී වස්තූන් පිරිසිදු කිරීමට, විෂබීජහරණය කිරීමට පවා පාරජම්බූල කිරණ භාවිතා කිරීමට අවසර ලබා දී නැත.
විෂබීජනාශක නගර, වීදි සහ පොදු ස්ථාන වැනි විශාල එළිමහන් ස්ථාවලත් ගොඩනැගිලිවලටත් ඉසීම කෙරෙහි ද ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවිද්‍යා විද්‍යාලයේ අවධානය යොමුව තිබේ.
එම ආයතනය පවසන්නේ විෂබීජනාශක ඉසීම හෝ යෙදීම කළ යුත්තේ මහජනයාට නිතර ස්පර්ශවන පෘෂ්ඨවල වන, දොර අඟුලු, පඩිපෙළ, අත්වාරු, විදුලි සෝපාන, බස්රථ, දුම්රිය, පුටු මේස යනාදියේ බවයි. මෙවැනි පෘෂ්ඨයන්හි වයිරසය පවතින බව තහවුරු වී තිබේ. කෙසේ වෙතත් විෂබීජනාශක විශාල වශනේ පරිසරයට යෙදීමෙන් පරිසරික දූෂණය, රසායනික ද්‍රව්‍ය නිකරුණේ නාස්තිවීම මෙන්ම විෂබීජහරණ කුටිවල දී මිනිසාට අහිතකර ලෙස බලපාන අයුරින් ම බලපෑම් සිදුවීම වැළැක්විය නොහැකි බව ද ඔවුන් පෙන්වාදෙයි. එමෙන්ම මෙය මිනිසාට පමණක් නොව සතුන්ට ද අහිතකර ලෙස බලපාන බව ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය පවසයි.
'' මෙම විෂබීජනාශකවල ක්‍රියාකාරීත්වය තවමත් තක්සේරු කර නැහැ. සූර්යාලෝකය වැනි විවිධ පාරිසරික තත්ත්වයන්ට නිරාවරණය වීමෙන් වයිරසය විනාශ වීම හෝ පිරිහීමට ලක්වන බවට මතයක් තිබෙනවා. එබැවින් විෂබීජනාශක විශාල ප්‍රමාණයක් වීදිවල සහ පොදු ස්ථානවල ඉසීමට වඩා නිතර නිතර ස්පර්ශවන ස්ථාන පිරිසිදුව තබා ගැනීම සඳහා විෂබීජනාශක යොදා පිස දැමීම වැදගත් වනවා." ඔවුන් පවසයි.
ඔවුන් පෙන්වාදෙන්නේ ඕනෑම රාජ්‍ය හෝ පුද්ගලික ආයතනයක් වෙත පිවිසීමේ දී සහ පොදු ප්‍රවාහන පහසුකම් භාවිතා කිරීමේ දී ඒවාට ඇතුළුවන අවස්ථාවේදී මෙන්ම පිටවන අවස්ථාවේ දී ද සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් භාවිත වැඩිදියුණු කිරීම විෂබීජ හරණ කුටි සාදා ඒ තුළින් ගමන් කිරීම අනිවාර්ය කිරීමට වඩා ඵලදායී වන බවයි.
සෑම අවස්ථාවක දී ම අත් සෝදා පිරිසිදු කරගැනීම, එලෙස නොහැකි අවස්ථාවක දී ඇල්කොහොල් සහිත විෂබීජ නාශක දියරයකින් අත් සේදීම, කැස්ස සහ කිවිසුම් යාමේ දී ආරක්ෂිත ක්‍රමෝපායයන් භාවිතා කිරීම, සුදුසු මුඛ ආවරණයක් නිසි පරිදි භාවිතා කිරීම, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම මෙහි දී වඩාත් සුදුසු බව ඔවුන් පවසයි. ඇඳිරිනීතිය ඉවත්කිරීමෙන් පසුව පවා මේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාදාමයන් දිගටම පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ඔවුන් අවධාරණය කරයි.
එමෙන් ම ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය පවසන්නේ විෂබීජහරණ කුටි පවත්වාගෙන යාමෙන් ජනතාව තුළ කොරෝනා වයිරසයෙන් තමන් ආරක්ෂා වී ඇතැයි යන ව්‍යාජ හැඟීමක් ඇතිවන බවයි. මෙය ඉතා හානිකර තත්ත්වයක් බව ද ඔවුහු පෙන්වාදෙති.
එමෙන් ම විෂබීජහරණ කුටි භාවිතා කිරීමේ දී ඇතිවිය හැකි අතුරු ආබාධ කෙරෙහි සියලු පාර්හවයන්ගේ අවධානය යොමු කිරීම තම යුතුකම සහ වගකීම බව විශ්වාස කරන බැවින් මෙම නිවේදනය නිකුත් කරන බව ද ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යා විද්‍යාලය පවසයි.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන
තම අලුත උපන් බිළිඳා ළිඳකට දමා ඝාතනය කළ මවක අත්අඩංගුවට ගත් බව චාවකච්චේරි පොලිසිය පවසයි.
එක්සත් ජාතික පක්ෂය හා සිදුකළ පළමු සාකච්ඡාව සාර්ථක බවත් ඒ අනුව පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමට එකගත්වය පළවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ම
රත්නපුර සබරගමුව මහ සමන් දේවාලය සතු එහි තැන්පත් කර තිබූ ඇත්දළ යුගල දෙකක් දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයා භාරදීමට කටයුතු නොකිරීම පිළිබඳව බෞද්ධ කටයුතු
නැගෙනහිර, උතුරු,උතුරු - මැද මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඉන්දියාව එක්සත් රාජධානියේ යටත් විජිතයක්ව පැවැති 1765 - 1900 කාලය අතරතුරදී ඇමෙරිකානු ඩොලර් බිලියන 64820 ක මුදලක් එක්සත් රාජධානිය ඉන්දියාවෙන් කොල්ල කා ඇතැයි ඔක
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
විෂබීජහරණ කුටි ප්‍රායෝගිකව සාර්ථක නෑ
ajith Monday, 04 May 2020 09:31 AM
අපේ රටේ මේවගේ දේවල්වල කිසිම පාලනයක් නෑ. නිසි සොයාබැලීමක් නැතුව මේවා රජයේ රෝහල්වල පවා සවි කෙරුව. මේවගෙන් කොරෝන අඩුවෙනවා වෙනුවට වැඩි වෙන්න තියන ඉඩකඩ වැඩිය්. ඕක ඇතුලෙන් කොරෝන හැදුනු කෙනෙක් ගිහින් තිබුනොත් ඊට පස්සේ යන යට බෝ වෙන්න පුළුවන්. මේවා කරන්න කලින් අදාල ආයතන වලින් උපදෙස් ගත යුතුයි ....
Aniruddha Monday, 04 May 2020 11:32 AM
බොහෝ කාලයකට පස්සෙ කියවූ හොද ලිපියක්...
chandika Monday, 04 May 2020 12:55 PM
මේ ප්‍රකාශය සම්පුර්නයෙන්ම සත්‍යයකි. ප්‍රයෝජනයක් ඇත්තේ PPE හෙවත් පෞද්ගලික ආරක්ෂක උපකරණ පැළඳ සිටින සෞඛ්‍ය සේවකයන්ට ඒවා භාවිතයෙන් පසුව ගැලවීමේදී අමතර ආරක්ෂාවක් ලබාදීමට විෂබිජ නාශක දියරයෙන් මුළුමනින්ම නහවා සිදුකරන සේදීම පමණි. එය ආයතන වලට ඇතුළුවීමට පෙර සිදුකරන මේ ප්‍රයෝජනයක් නැති කටයුත්ත නොවේ. වැඩකට නැති විෂබිජ හරණ කුටිවලට වැයකරන මුදල් අත් සේදීමට වැය කරන්න...
Aris Monday, 04 May 2020 01:10 PM
ඉතාම නිවැරදි පැහැදිලි කිරීමක්. දැන්වත් අතන මෙතන තියන විෂබීජ හරණ කුටි ඉවත් කොට, පාරවල් පුරා දියර ඉසීම නවතා අදාල තැන් පමණක් විෂබීජ හරණය කිරීමට කටයුතු කිරීම සුදුසුය. ඒ වගේම තමයි රෝගියෙක් හමුවුන පමණින් එම ගම්මාන හුදකලා කිරීම, ආයතන වසා දැමීම වගේ විකාර නොකිරීමටත් සිතා බැලිය යුතුය.
Aris Monday, 04 May 2020 01:10 PM
ඉතාම නිවැරදි පැහැදිලි කිරීමක්. දැන්වත් අතන මෙතන තියන විෂබීජ හරණ කුටි ඉවත් කොට, පාරවල් පුරා දියර ඉසීම නවතා අදාල තැන් පමණක් විෂබීජ හරණය කිරීමට කටයුතු කිරීම සුදුසුය. ඒ වගේම තමයි රෝගියෙක් හමුවුන පමණින් එම ගම්මාන හුදකලා කිරීම, ආයතන වසා දැමීම වගේ විකාර නොකිරීමටත් සිතා බැලිය යුතුය.
Pelpola Monday, 04 May 2020 02:36 PM
මෙ විෂබීජහරණ කුටි නිර්මාණය කරන්නට යෝජනා කළේ කවුරුන්ද?
de silva Tuesday, 05 May 2020 11:31 AM
ලංකාවේ සමහරු දියුණු රටවල නිෂ්පාධිත මෙවැනි යම් යම් උපකරණවල ක්‍රියාකාරිත්වය අන්තර්ජාලය තුලින් සහ එහි නිපදවපු යන්ත්‍ර වලින් කොපි කර , එහි ආකෘති ප්‍රථමික විදුලි මෝටර් , විද්‍යුත් පරිපත, විද්‍යුත් පොම්ප වැනි දේවල් භාවිත කර නිපදවා සමහරු රජයට චෝදනා කරනවා නව නිපැයුම් කරන මනුෂ්‍යයන්ට රජය උදවු කරන්නේ නැහැ කියල..., නමුත් මෙවැනි ආකෘති එකවර සෞඛ්‍ය අංශ වැනි මනුෂ්‍ය ජිවිතවලට සෘජුවම බලපාන වැඩකටයුතු වලට එකවර යොදාගන්න බැහැ , මම දුටුවා එක දොස්තර කෙනෙකු එක රෝගියකු සදහා නිපදවපු වෙන්ටිලේටර් යන්ත්‍රයක බටයට තව බට 2 මුට්ටු කර රෝගීන් 3 දෙනෙකු සදහා යොදාගන්න පුළුවන් කියල ප්‍රකශ කරලා තිබුණා... මේවා අතිශයින් බයානක දේවල් ඔක්සිජන් මදි කම නිසා රෝගියෝ 3 දෙනාම මිය යන්න පුළුවන් . මෙම යන්ත්‍ර සුත්‍ර නිපදවන බහුජාතික සමාගම් අලුත් මාදිලියක යන්ත්‍ර නිපදවීමෙන් පසු ඒවගේ ක්‍රියාකාරිත්වය ගැන වසර කිහිපයක් පරීක්ෂණ කරනවා , ඉන්පසු ඒවා තත්ව පාලන ආයතන වලට ඉදිරිපත්කර ඒවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එම ආයතන සැහීමකට පත්වෙනවා නම් පමණි වෙළද පලට දමන්නේ. අපට හිතෙන හිතෙන විදිහට මේවා කරන්න ගියහම මනුෂ්‍ය ජිවිත නැති වෙන්න පුළුවන්...
de silva berlin Tuesday, 05 May 2020 11:39 AM
මම දැකල තිබෙනවා මෙවැනි විෂබීජහරන කුටි නාසා එකේ ගගනගාමීන්, ජීව විද්‍යා පරීක්ෂණ කරන විද්‍යාගාර සේවයන් එම ආයතනවලට ඇතුල් වෙනකොට සහ පිට වෙනකොට භාවිත කරනවා. මෙතන තිබෙන වෙනස මම කලින් සදහන් කල කොටස , හුලන්පොදක්වත් එලියට යන්නේ නැති ආරක්ෂක ඇදුම් ඇදල සිටින නිසා ඔවුන්ට කිසි බලපෑමක් ඇති වෙන්නේ නැහැ , සාමාන්‍ය ඇදුම් ඇදල ඉන්න පුද්ගලයන්ට කෙලින්ම රසායන ද්‍රව්‍ය ඉහින එක අති බයනක දෙයක්...., සමහරුන්ගේ ශරීර විවිධ රසායන ද්‍රව්‍ය වලට අසාත්මික ලෙස ක්‍රියා කරන්න පුළුවන්..., එහෙම වුනොත් සමහරු ක්ෂණිකව රෝගී වෙලා හදිසියේ මියයාම පවා සිදු වෙන්න පුළුවන්...