අජිත්ලාල් ශාන්තඋදය
සබරගමු පළාතේ රොහල්වල පවතින තදබල වෛද්‍ය සහ හෙද නිලධාරින්ගේ හිගය මගහැරීම සදහා සේවයෙන් විශ‍්‍රාම ලැබූ විශ‍්‍රාම ලැබූ ති‍්‍රවිධ හමුදාවේ වෛද්‍ය සහ හෙද නිලධාරීන් ඇතුළුව විශ‍්‍රාමික වෛද්‍ය සහ හෙද නිලධාරින් තාවකාලික පදනම මත බදවා ගැනීමට සබරගමු පළාත් සභාව පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසයි.
සබරගමු පළාතේ වෛද්‍යවරු 218 දෙනෙකුගේ සහ හෙද නිලධාරීන් 33ක් මේ වනවිට පුරප්පාඩුව පවතින බව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා සදහන් කළේය.
මේ වනවිට වෛද්‍ය සේවයේ පුරප්පාඩු වෙනුවෙන් විශ‍්‍රාම ලද සහකාර වෛද්‍ය සේවයේ නිලධාරින් තාවකාලික පදනම මත යළි බදවාගෙන ඇති බවද පළාත් ආණ්ඩුකාරවරයා පැවසූවේය.
සබරගමු පළාත් මුල් ජනගහනය ලක්‍ෂ 21කි.
රත්නපුර සහ කෑගල්ල දිස්ත‍්‍රික් දෙකේ පළාත් මහ රෝහලක් ඇතුලූව, මුලික රෝහල්, ප‍්‍රාදේශීය රෝහල්, පර්යන්ත රෝහල්, මධ්‍යම බෙහෙත් ශාලා ඇතුලූව හැටකට ආසන්න සංඛ්‍යාවක් පවතී.
COMMENTS
ලංකාවේ ඉන්න වෛද්‍යවරු ප්‍රමාණය මදිය... රජයට මුදල් නැතිනම් කරුණාකර ප්‍රමිතියක් ඇති පුද්ගලික වෛද්‍ය විද්‍යාල රජය මගින් හෝ ඇතිකර රටේ වෛද්‍යවරු ප්‍රමාණය වැඩි කරන්න. රටේ පුද්ගලික සහ රජයේ රෝහල් පද්ධති දෙකක්ම ඇති නිසා අවශ්‍ය භෞතික පහසුකම් තිබෙනවා.. මදි පාඩුවක් වුනොත් උපකරණ කෙටි කාලයක් තුළ පිටරටින් ගෙන්වාගන්න පුළුවන්... නැත්තේ දොස්තරලා, දොස්තරලා හිටියා නම් බය නැතුව මැදපෙරදිග සහ ලෝකයේ වෙනත් රටවල අනාථ කඳවුරු වල දුක් විඳින ශ්‍රී ලංකික පුරවැසියෝ 40000ක් පමණ ගෙන්වා ගන්න තිබුණා... ජාසිංහ මහත්මයා කියන්නේ ඔවුන් ගෙනාවොත් ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැහැ කියලා.., ලංකාවේ අවම වශයෙන් දොස්තරලා 4500 මදිකමක් තිබෙනවා.. සෛටම් එක තිබුණා නම් මේ වෙනකොට අලුතෙන් දොස්තරලා 3000-5000 අතර ප්‍රමාණයක් පිටකරලා.. එහෙම වුණානම් තත්වයේ විශාල වෙනසක් දකින්න තිබුණා. මේ තත්වයට රජයේ වෛද්‍ය සංගමය සහ අන්තරේ වග කියන්න ඕනේ...
කනිෂ්ඨ කාර්ය මණ්ඩලය එපාද?
තිත්ත වුණත් ඇත්ත මේකයි... ලංකාවේ රජයේ විශ්ව විද්‍යාලවලින් සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලිනුත් වැඩිපුර වෛද්‍යවරු බිහිවෙලා, දැනට දොස්තර කඩ දමාගෙන ඉන්න චැනල් කාක්කන්ට ලැබෙන සම්තින් එක ටිකක් අඩු වෙනවට දොස්තර සංගමය කැමති නැත. එමනිසා ඔවුන් මොන උප්පර වැට්ටියක් හෝ දමලා ඕස්ට්‍රේලියාවේ ජීවත් වන කුමාර් ගුණරත්නම්ගේ නමැති පුද්ගලයාගේ නායකත්වය ඇති පෙරටුගාමීන් ලෙස හඳුන්වන අන්තරේ ලොක්කන් සමග ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල සිසුන් ඉස්සරහට දමලා, වර්ජන කරලා වැඩි වැඩියෙන් ලංකාවේ දොස්තරලා බිහිවීම අඩාල කරනු ඇත... ලංකාවේ තව දොස්තරලා 5000 විතර සිටියානම්..., අපට කිසිම බයක් නොමැතිව කොරෝනා ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන්කම තිබුණා.. එහෙම වුණානම් බය නැතිව මැදපෙරදිග සහ ලෝකයේ අනෙකුත් රටවල අතරමංවෙලා ඉන්න ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගන්න තිබුණා.. ලංකාවේ අපට මෙච්චර කාලයක් ඇඳිරි නීතිය දමාගෙන දුක් විඳින්න ඕනේ වෙන්නෙත් නැහැ... මැදපෙරදිග අනාථ කඳවුරුවල දුක්විඳින සහ මියයන පුද්ගලයින්ගේ ලේ ඉහත සඳහන් කළ පාර්ශවවල දෑත් ගෑවී ඇතිබව සිහිකළ යුතුයි.