පුෂ්පකුමාර මල්ලවආරච්චි
විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල් වලට අවශ්‍ය පහසුකම් සලසන ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස්දී ඇත.
කොරෝනා වසංගතය හා දිගටම පවත්තා ඇදිරි නීතිය හේතුවෙන් විශාමික පොලිස් නිලධාරීන් හා පවුල් වල සාමාජිකයන් පීඩාවට පත්ව ඇති බැවින් ඔවුන්ගේ ඕනෑ එපාකම් පිලිබදව සොයා බලා සහන සලසන ලෙස වැඩ බලන පොලිස් පතිවරයා සියලු පොලිස් ස්ථානාධිපති වරුන් වෙත උපදෙස්දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා වේල හොයාගෙන කන මිනිස්සුන්ට නේද ඉල්සෙල්ලාම සහන සලසන්න ඕනේ?
කාටත් එම පහසුකම අවශ්‍යයි. මෙ වෙලාවෙ අනික් අය මිනිස්සු නෙමෙයිද?
ඇයි විශ්‍රාමික පොලිස් නිලධාරින්ට විශේෂත්වයක් දක්වන්නේ ?. විශ්‍රාම ගියාට පස්සේ සිංහයා බලු වෙනවයි කියන්නේ ඕකට තමයි
විශ්‍රාමික අයට නම් අවම වශයෙන් විශ්‍රාම වැටුපක්වත් තියෙනවා. නමුත් කුලි වැඩ කරලා එදාවෙල් හම්බ කරන් කන අය, අතේ කියක්වත් ඉතිරි කරගන්න බැරි අය, මේ දිනවල කොහොමද ජිවත්වෙන්නේ? රටේ සල්ලි කවුරු වියදම් කළත් ප්‍රමුකතාවය අනුව වියදම් කල යුතුයි.
එක ඇසක් පෙනෙන පොලිස්පති වරයෙක් කියන්න පුළුවන්. දැනට විශ්‍රාමික පොලිස් නිලධාරීන් පමණක් නොවෙයි. සියළුම විශ්‍රාමික නිලධාරීන්ගේ හා සුළු සේවකයින්ගේත් ඔවුන්ගේ පවුල්වල අයත් පීඩාවට පත්වෙලයි සිටින්නේ. ඔවුන්ට පමණක් එසේ වන්නේ දඩමස් ගොරක බවට පත්කල ආදායම් දැනට නැති නිසාද?
විශ්‍රාමික පොලිස් නිලධාරියන්ට තිබෙන අසහනය කුමක්ද?
එයත් ළඟදීම විශ්‍රාම යන නිසා වෙන්න ඇති