( තිලකරත්න දිසානායක.)
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාලන මිලට වැඩියෙන් අලෙවි කරන බවට ලද පාරිභෝගික පැමිණිලි මත වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානය පරීක්ෂාවට ලක් කිරීම පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් සිදු කරමින් පාලන මිලට ද්‍රව්‍ය ලබා දීමට පියවර ගෙන ඇත.
අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන අංශය මගින් සිදු කළ පරීක්ෂාවේදී පරිප්පු , සැමන් සහ බී ලුනු පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කරනු ලබන බව පෙනී ගිය බැවින් පාලන මිල ගණන් වන පරිප්පු කිලෝවක් රුපියල් 65 ක්, සැමන් ( ග්‍රෑම් 425 ) රුපියල් 100 ක් සහ බී ලුනු කිලෝවක් රුපියල් 150 ක් වැනි මිල ගණන් යටතේ ලබා දීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ ගම්පහ දිසාපති සුනිල් ජයලත් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකක ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරීන් වන හෂාන් කළුබෝවිල , අරුණ ශාන්ත සහ මාලිංග ගුණසේකර යන මහත්වරුන් මෙම පරීක්ෂාව සිදු කර ඇත.

2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැලිසර විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හදිසි පරීක්ෂාවට
Mangala Monday, 06 April 2020 08:49 AM
2002 දී එජාපෙ ආණ්ඩුව සතොසට කල හානිය සහ එම හානිය දිග දුර ගෙනගිය හැමෝටම ජාතියේ ශාපය වැදෙන්න ඕන. 2002දී සතොස කැවා, 2015දී බැංකුව කැවා.