(සමන් පාලිත නානයක්කාර )
 
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර හල්දුම්මුල්ල මරන්ගහවෙල  සිරිමල්වත්ත සහ බත්ගොඩ  ගම්මාන වලට  පැමිණි නාවික හමුදා සෙබළුන්  හා  ඔහුගේ පවුලේ සාමාජිකයින් සමඟ එකොළොස් දෙනකු   අද( 24) සිට ස්වයං  නිරෝධායනය ට  ලක් කළ බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් ඒ මහතා පැවසීය .

 එම නාවික  හමුදා නිලධාරීහු  පී .සී.ආර්  පරීක්ෂණයකට යොමු කිරීමට  නියමිත බව  ද   හල්දුම්මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලය  කියයි.  
 
මීට අමතරව මෙම නාවික හමුදා සෙබළුන් දෙදෙනා   නිවාඩුව පැමිණි දින සිට ආ ගිය වෙළෙඳසැල් හා ඇසුරු කළ පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ඇති බැවින් ඒ පිළිබඳ  විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද හල්දුම්මුල්ල පොලීසිය කියයි.