( පුෂ්පකුමාර ජයරත්න )

වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා පැමිණි කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි සියළුම නාවික සෙබළුන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් සම්බන්ධයෙන් නාවික හමුදාවට දැනුම් දී ඇති බව වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා පැවසීය .

පොලිස් බුද්ධි අංශ නිලධාරීන් සහ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාර්ගයෙන් ඔවුන් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද විජේගුණවර්ධන මහතා පැවසීය .

වාරියපොළ බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයෙන් අනාවරණය වූ කොරෝනා ආසාදිත නාවික සෙබලා සමග වැලිසර සිට පැමිණි තවත් නාවික සෙබලෙකු සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඔහු පිළිබඳවත් විමර්ශන සිදු කෙරෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය .