ඔගස්ටිනි ප්‍රනාන්දු
සතියක කාලයක් තුළ මුහුදු යාමෙන් වැළකී සිටි හලාවත ධීවර කාර්මිකයන් අද ( 13 දා ) සුපුරුදු පරිදි මුහුදු ගොස් මාළු අල්ලා ගෙන පැමිණි බව දැක ගත හැකි විය.
හලාවත මාළු වෙළදපල තුලට මාළු මිල දි ගැනීම පිණිස පාර්භෝගිකයින් පැමිණීමේ දි ක්‍රමවේදයක් නොතිබු නිසා විශාල පිරිසක් මාළු මිලදී ගැනීමට පැමිණිම හේතුවෙන් මෙලෙස මුහුදු යාමෙන් වැළකිණි.
නව කොරෝනා රෝගය පැතිර යාමේ අවධානමක් මතු වීම නිසා ඊට සුදුසු විසදුමක් යොදන ලෙස ඉල්ලා පුත්තලම දිස්ත්‍රික් ධීවර සංවිධාන එ්කාබද්ධව මුහුදු යාමෙන් වැළකී සිටිමට තිරණය කළහ.
පසුගිය 6 වන දින සිට ධීවරයෝ මුහුදු මෙන් වැළ කි සිටියහ.
මේ අනුව මාළු වෙලෙදුන්ට පමණක් මාළු වෙළද පලට පැමිණ මාළු මිළ දි ගැනීමට ඉඩ දි තිබුණි.
මුහුදු නොයාමෙන් තමන් ආර්ථික වශයෙන් අසරණ විම නිසා අද ( 13දා ) අළුයම් කාලයේ පටන් ධීවරයෝ සුපුරුදු අයුරින් රස්සාවේ ගොස් මාළු ගෙන ආහ.
ඒ අතර පිටපළාත් වලින් ගෙන ආ මාළු ද හලාවත වෙළද පල වෙත රැගෙනවිත් තිබිණි.
එහෙත් කිසිදු පාර්භෝගිකයෙක් වෙළදපලට පැමිණ නොසිටි බවත් දැක ගත හැකි විය.
පැමිණ සිටි පිට වෙළෙදුන් තොග වශයෙන් මාළු ගෙන ගිය අතර මාළු මිළ ඉතා පහළ මට්ටමක පැවැති බව කියති.





COMMENTS
ඔය මාලුකාරයෝ මුස්ලිම් උනොත් තමා වැඩේ.
ටාසන් වෙත, සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත්, ‘මාලු කාරයෝ...,‘ යැයි කීම සුදුසු නැත...
බඩ ගින්න ඇතිවුණාම මොනවා හරි කන්න ඕනෙනෙ. ඇඳිරිනීතිය සතිගණන් තිබෙනකොට මන්දිරවල ඉන්න අයට ගණනක් නැහැ. එදිනෙද මුදලක් උපයාගෙන ජිවත් වෙන අයට අවශ්‍ය අහාර ගබඩා කරන්න තරම් වත්කමක් නැහැ.