IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


වයිරසයෙන් බේරෙන්න විෂ මත්පැන් බී ඉරානයේ 700 ක් මරුට

කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බේරීමට විෂ මත්පැන් පානය කළ ඉරාන වැසියන් 700 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට පුවත් සේවා අද (28) වාර්තා කළේය

මීට පෙර ද මේ අයුරින් වයිරසයෙන් බේරීමට මත්පැන් පාලනය කළ 1,000 කට ආසන්න පිරිසක් මියගිය බව ඉරානයෙන් වාර්තා විය. වයිරසයෙන් බේරීමට මද්‍යසාර (ඇල්කොහොල්) විෂබීජ නාශකයක් ලෙස භාවිතයට ගන්නැයි ඉරාන සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී ඇත.

එම උපදෙස් වරදවා වටහා ගැනීමෙන්, 700 දෙනා ජීවිතක්ෂයට පත් වී ඇත්තේ විෂ මෙතනෝල් පානය කිරීමෙන් යැයි ඉරාන පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබිණි.

ඉරානයේ ඉස්ලාමීය නීතියට අනුව, මත්පැන් පානය තහනම්ය. මියගිය 700 දෙනාට අමතරව විෂ මෙතනෝල් පානය කළ 99 දෙනකු පූර්ණ අන්ධභාවයට පත් වී ඇතැයි ඉරාන සෞඛ්‍ය කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. විෂ මෙතනෝල් පානය කිරීමෙන් 5,011 දෙනකු රෝගාතුර වී ඇතැයි ද ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඇමෙරිකා සම්බාධක හමුවේ ඉරානය දරුණු ලෙස ‘කොවිඩ් 19’ වයිරසයෙන් බැටකන රටක් බවට පත් වී ඇත. ඉරානයේ ‘කොවිඩ්-19’ මරණ 5,800 පසු කර ඇති අතර, 91,000 කට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වී ඇත.

පසුගිය වසරේදී මත්පැන් විෂ වීමෙන් මියගොස් 66 දෙනකු බවත් පසුගිය වසරක කාලයේදී මත්පැන් විෂ වීමෙන් මියගිය ගණන 10 ගුණයකින් වැඩි වී ඇතැයි ඉරාන බලධාරීහු කීහ.

රොයිටර්ස්/අල්ජසීරා

055



අදහස් (2)

වයිරසයෙන් බේරෙන්න විෂ මත්පැන් බී ඉරානයේ 700 ක් මරුට

Kumar Tuesday, 28 April 2020 03:40 PM

අපි අපගේ දෑත් නිවසෙන් පිටදී පිරිසිදුව තබාගන්න පාවිච්චි කරන ජෙලිවල තිබෙන්නේ 80%ක් ඉතයිල් ඇල්කොහොල්. ඉරානයේ අය බිලතිබෙන්නේ ලංකාවේ "වයින් ස්පිරිට්" කියන මීතයිල් ඇල්කොහොල්. මෙම අල්කොල් වර්ගය පානය කිරීමෙන් මොලයට හානි සිදුවී මරණයට පත් වෙනවා.

:       0       40

Anil rohana goonasekara Tuesday, 28 April 2020 11:42 PM

සත්තුන්ට වද දිලා මරන කාලකන්නි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 119 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 199 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1062 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site