කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ වෛද්‍යවරුන් 94 දෙනකු මියගොස් ඇතැයි එරට වෛද්‍යවරුන්ගේ සංගමය අද (7) ප්‍රකාශ කළේය.
‘කොවිඩ්-19’ නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් හෙදියන් 26 දෙනකු මියගොස් ඇතැයි ද ඉතාලියේ හෙද සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එමෙන්ම හෙදියන් 6,549 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි ද එම සම්මේලනය සඳහන් කළේය.
සඳුඳා වනවිට ඉතාලියේ ‘සුවසේවා’ සේවකයන් 12,681 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි ද ඉතාලියේ සෞඛ්‍ය ආයතනය සඳහන් කළේය.
මුඛ ආවරණ, අත්වැසුම්, පෞද්ගලික ආරක්ෂණ උපකරණ, ආරක්ෂිත ඇඳුම් කට්ටල යනාදී වෛද්‍ය සැපයුම්වල හිඟය වෛද්‍යවරුන්ට, හෙදියන්ට, සෞඛ්‍ය වෘත්තිකයන්ට, රෝහල් කාර්යමණ්ඩලවල වයිරසය ආසාදනය වීමට ප්‍රධාන හේතුව යැයි ද සෞඛ්‍ය බලධාරීහු කීහ.
සී.එන්.එන්. ඇසුරිනි
055

COMMENTS
මෙවන් කණගාටුදායක තත්වයක් අප රටේ ඇති නොවේවා යන්න අප සැමවිටම ප්‍රාර්ථනා කරන්නෙමු. පුරවැසියන් වන අපගේද වගකීමක් සහ යුතුකමකි ඔවුන්ගේ උපදෙස් හැකිතාක් දුරට පිළිපදිමින් ඔවුනට අපගේ උපරිම සහය ලබාදීම. ලංකා මාතාවට යහපතක්ම වේවා !! සියලු ලෝකවාසී අහිංසක මිනිසුන්ට යහපතක්ම වේවා !!
මාරාන්තික බව දැන දැනත් උතුරු සහයට දැන් සිටින්නේ දකුණු ඉතාලියේ සෞඛ්‍ය සේවකයින් පමණයි.
මෙවන් අවාසනාවන්ත තත්වයක්... මෙරට ඇති නොවීමට සියලු දෙන කැපවෙමු. සේවයට නොයා ගෙදරම ඉන්න රජයේ සේවකයෝ තම වැටුපෙන් සැලකිය යුතු ප‍්‍රතිශතයක් මේ සදහා පරිත්‍යාග කරන්න බේරී නේ නේද?