IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වයඹ පළාතෙන් ආසාදිතයන් 6යි

( පුෂ්පකුමාර ජයරත්න) 
 
වයඹ පළාතේ මේවනවිට කොවිඩ් 19 ආසාධිතයන් 6 දෙනෙකු වාර්තා වී ඇති බව වයඹ පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉන්දික පතිරාජ මහතා පැවසීය.

තවත් පුද්ගලයන් 72 කු වයඹ පළාත තුළ හඳුනාගෙන තිබීම හේතුවෙන් ඉදිරියේදී එම පිරිසෙන් තවත් ආසාධිතයින් විශාල පිරිසක් වාර්තා වීමේ අවදානමක් ඇතිවී තිබෙන බව ඔහු කීය.

ඒ මහතා මේ බව පැවසුවේ, අද කුරුණෑගලදී වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ  ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී ය.
 
මෙම ආසාධිතයන් හයෙන් සිවුදෙනෙකු වෙන්නප්පුවේද අනෙක් දෙදෙනා නාත්තන්ඩිය සහ මහවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පැවසූ විශේෂඥ වෛද්‍ය පතිරාජ මහතා මොවුන් සහ වෙනත් ආසාධිතයන් ඇසුරු කළ පුද්ගලයන් 22 කු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද , පුද්ගලයන් 50 දෙනෙකු පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇති බවත් සඳහන් කළේය. 

මෙම පුද්ගලයන් 72 දෙනාගේ දින 14 ක බීජෞෂණ සමය ගතවීමෙන් පසුව ඔවුන්ගෙන් තවත් ආසාධිතයන් 180 කට ආසන්න සංඛ්‍යාවක් බිහිවීමේ අවදානම් තත්ත්වයක්ද පවතින බැවින් ඉතා අවධානයකින් කටයුතු කළ යුතුව ඇති බවද පැවසීය.

මේවනවිට විදෙස්ගතව පැමිණි වයඹ පළාතේ පදිංචි පුද්ගලයන් 4042 දෙනෙකු නිවෙස්වලම ස්වයං නිරෝධායනයකට ලක් කර සිටින බවද සඳහන් කළ වෛද්‍ය පතිරාජ මහතා ඉන් පුද්ගලයන් 2033 දෙනෙකු දින 14 ක සම්පුර්ණ නිරෝධායන කාලය සම්පුර්ණ කර ඇති බවද දැනුමි දුන්නේය.



අදහස් (0)

වයඹ පළාතෙන් ආසාදිතයන් 6යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 437 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site