(තිළිණි ද සිල්වා)
කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ මතුව ඇති තත්වය හේතුවෙන් තමන්ව යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස බ්‍රිතාන්‍යය , ඉන්දියාව , එක්සත් අරාබි එමීර් රාජ්‍යය , මාලදිවයින ආදි විදෙස් රටවල් කිහිපයක සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති.
ඔවුන් මේ ඉල්ලීම සිදුකරන්නේ තමා පත්ව සිටින තත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කරුණු පැහැදිලි කරමින් වන අතර මින් වැඩි ඉල්ලීම් සමාජ මාධ්‍ය ඔස්සේ කරමින් සිටින්නේ ඉන්දියාවේ විශ්ව විද්‍යාලයන් හි උසස් අධ්‍යාපනය ලබමින් සිටින ශ්‍රී ලාංකික සිසුවියෝ වෙති.
මේ වන විට ඉන්දියාවේ 600කට වැඩි ලාංකික ශිෂ්‍ය පිරිසක් උසස් අධ්‍යාපන කටයුතු වල නිරතව සිටින අතර මැයි 3 වැනිදා දක්වා ඉන්දියාවේ ඇදිරි නීතිය දීර්ඝ කිරීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයට පත්ව සිටින බව ඔවූහු එම සමාජ මාධ්‍ය වීඩියෝ තුළින් කියා සිටිති.
නවදිල්ලි නුවර උසස් අධ්‍යාපන කටයුතු වල නිරත මියැසි දිසානායක සහ චිලිනි භාග්‍ය නැමැති ශිෂ්‍යාවන් දෙදෙනා මෙසේ පැවසුවාය.
"ඉන්දියාවේ නව දිල්ලි නුවර සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් වන අප, දැනට සුරක්ෂිතව සිටියත් අප දෙදෙනාට නේවාසිකාගාර පහසුකම් නැති හෙයින් ආහාර සපයා ගැනීමට සහ පානීය ජලය සපයා ගැනීමට අපහසුය. පානීය ජලය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් සැපයීමට කටයුතු කළද, ඉදිරි දිනයන්හි ආහාර ලබා ගැනීමට අපහසුතාවයකට ලක්වියහැකිය.
දෛනිකව 500කටත් අධිකව වාර්තාවන රෝගීන් ප්‍රමාණයත් සමග සැබැවින්ම ඉදිරිය පිළිබඳව අවිනිශ්චිතව තත්ත්වයක් අප සියලුදෙනා අතරම ඇතිවෙමින් තිබේ.
දින 21ක මේ lockdown සීමාවෙන් පසුවද, නැවත එය දීර්ඝකරන බව පවසන අතර එසේ වුවහොත් අප සියලු දෙනාට එය අසීරු කාලයක් වනු නොඅනුමානය
අද දවස , මේ සතිය, මේ මාසය පමණක් සිතා නොව,නිශ්චිතව සිතිය නොහැකි ඉදිරියක් පිළිබඳව සිතා මේ ආයාචනය කරන අතර, ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන අපගේ මෙන්ම, අපගේ දෙමව්පියන්ගේද මානසික තත්ත්වය පිළිබඳවද සලකා බලා, ඉන්දියාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් වන අපට නැවත අපේ මව්බිමට පැමිණීමට අවස්ථාව උදාකරදෙන මෙන්, අතිගරු ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, යුද හමුහමුදාපතිතුමන් ඇතුළු සියලුම අංශවලින් ආයාචනාත්මකව ඉල්ලා සිටිමු යැයිද එම ශිෂ්‍යාවන් පැවසූහ
මේ අතර විශේෂඥ වෛද්‍ය පුහුණුව ලබා ගැනීමට රජයේ වියදමින් බ්‍රිතාන්‍යයට ගොස් සිටින ලාංකික වෛද්‍යවරුන් 85 දෙනෙකුද තමන්ව නැවත දිවයිනට ගෙන්වා ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජක්ෂ මහතාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දන්වා ඇතැයි තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.
බ්‍රිතාන්‍යයේ කොරෝනා වසංගතය දැඩ් ව්‍යාප්තියක් පවතින් බැවින් තමන් විශේෂඥ පුහුණුවද මේවන විට නවතා දමා ඇති බවත් , තමන් විසින් සියලු ගුවන් ගමන් වියදම් හා රජයේ නිරෝධායන ක්‍රමවේද යටතේ සියලු වියදම් දැරීමට පවා එකඟ වන බවද ඔවුන් ජනාධිපතිවරයාට දන්වා ඇත.
මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ඇතැම් ශ්‍රමික පිරිස් මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඔවුන්ගේ නේවාසිකාගාර තුළ දැඩි අසීරුතාවට පත්ව සිටින බවද තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.
කොරෝනා වසංගතටෙන් බේරීම සදහා මාලදිවයිනේ සියලු දූපත් හි පිහිටි සංචාරක හෝටල් සහ නිකේතන වසා දමා තිබෙන අතර මේ හේතුවෙන් එම ස්ථාන වල සේවය කල ලාංකික ශ්‍රමිකයින් දැඩි අසීරුතාවට පත්ව ඇඇයි මාලදිවයිනේ සිටින ලාංකිකයෝ පෙන්වා දෙති.
එබැවින් තමන්ව යලි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ද ඔවූහු ජනාධිපතිවරයා ගෙන් හා අග්‍රාමාත්‍යවරයා ගෙන් ඉල්ලා සිටිති.
කොවිඩ් 19 වෛරසය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් වීමත් සමඟ ලොව බොහෝ රටවල් සිය සංචරණ කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබු අතර ඒ අනුව පසුගිය මාර්තු 19 වන දින සිට නැව් මගින් හෝ ගුවන් මගින් කිසිදු මගියකු රට තුළට ඇතුළු කරගැනීම අත්හිටුවීමට ශ්‍රී ලංකා රජයද පියවර ගත්තේය.
මේ හේතුවෙන් විදෙස්ගතව සිටින තවත් බොහෝ ශ්‍රී ලාංකිකයින් පිරිසක් මේ වනවිට යළි ඒමට නොහැකිව එම රටවල රැඳී වී සිටියි.
මේ අතර කොරෝවා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශලත ලාංකිකයින් මුහුණ දෙන ගැටලු ගැනලදැන ගැනීම සදහා විදේශ අමාත්‍යාංශය යටතේ පිහිටවූ " කන්ටෑක්ට් ශ්‍රී ලංකා " සජීවි අන්තර්ජාල පිවිසුම හරහා ලාංකිකයින් 55000 ක් මේවන විට ලියාපදිංචි වී ඇතැයි එම අමාත්‍යාංශය කියා සිටි.
මෙලෙස ලාංකිකයින් යොමු කරන ගැටලු සම්බන්ධයෙන් විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මට්ටමින් සොයා බලා විසදුම ගැනීමට විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී ඇත.
මේ වන විට ඇතිවී තිබෙන මෙම තත්ත්වය යටතේ ලෝකයේ විවිධ ගුවන්තොටුපොලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33දෙනෙකු මෙරටට ගෙන්වාගැනීමට රජය කටයුතු කල අතර ඒ අනුව එම පිරිසෙන් 21
දෙනෙකු යළි ලංකාවට ගෙන්වා ගනු ලැබූ බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.
COMMENTS
ගෙන්නවා ගන්න ආණ්ඩුව කැමති වුනත් ඒක කරන්න බැරි දෙයක්. ඔක්කොම ලක්ෂ 4ක් 5ක් ඉන්නවා ගෙන්නවන්න.. නිරෝධනය මද්‍යස්ථාන ලංකාවේ ඇතුලේ සැක සහිත අයගෙන් පිරිලා. ඉතිං එන කට්ටිය නිරෝධනය කරන්න දාන්න දිහාවක් නෑ. අනික නිරෝධනයට අධික වියදමක් යනවා. ගොඩක් අය ඒකට සල්ලි දෙන්න කැමති නෑ.. ඊට වඩා ලොකුම ප්‍රශ්නේ රට ඇතුලට ආයෙ කොරෝනා එන්න පුලුවන් මේ එන අය ගෙන්. එහෙම වුනොත් රට ආයේ අනාථ වෙනවා.
Thank You !!! ලංකාදීප,, ඔබ අපගේ දුක්බර හා කටුක හා බව හදුනා ගැනීම ගැන. අප වසර ගණනාවක් තිස්සේ විදේශ රටවල් වල අනෙක විද දුක් විද, දාඩිය මහන්සියෙන් හම්බකර ලංකාවට සල්ලි එවන්නේ. අපි එවන සල්ලිවලටත් බදු ගෙවනවා. අපිට TM ජයරත්න මහත්තය කියන ගීතය නිතර ගැයෙනවා. අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, දෑතේ විරියෙනි රටවල් නැගුනේ, ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්, මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ ... රජ සැප විඳිනට රජ දරුවන් හට, නුඹලා දෑතිනි මන්දිර මැවුනේ ඒ නුඹලාගේ දුක දැක ගන්නට, මොන රජ දරුවද පැලකට වැඩියේ...?
කවුරු ගෙනාවත් එංගලන්තේ ඉන්න දොස්තරලා ගේන්න එපා. මොකද කොරෝනා ආවේ නැත්නම් මේ කණ්ඩායමෙන් බාගයකට වඩා එංගලන්තයේ නවතිනවා. දැන් කොරෝනා ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කිරීමට ඇති බිය නිසා මොවුන් ලංකාවට පනින්න හදන්නේ.
මම නම් දැන් එන්නේ නැහැ. දෙවෙනි රට මගේ. ගොඩක් අපහසුතා සමග ඉන්නවා. මේ කාලය හරිම දරුණුයි. මගේ මව්රට පරිස්සමින්. විහිළුක් නොවේ. ඔබ සැමට බුදු සරණයි !
ජෙර්මනියේ අපට නම් මෙහෙ සාමාන්‍ය විදිහට සුපර් මාර්කට්, ෆාමසි ඇරලා තිබෙනවා බඩු ගන්න. එකෙනෙකුට තනියම ගිහින් ආරක්ෂක විදිවිධාන අනුගමනය කරමින් බඩු ගන්න පුළුවන්... ආහාර ද්‍රව්‍ය වල අඩු පාඩුවක් නැහැ , වැටුපෙන් 60% වෙනද විදියට එකවුන්ට් එකට වැටෙනවා. කොළ පුරවන්න නිලධාරීන් පසුපස යන්න අවශ්‍ය නැහැ. සේවය කල සමගම මගින්ම ගෙවීම් කරනවා. රජය ඔවුන්ට එම මුදල් ලබාදෙනවා. රෙස්ටුරන්ට්, බාර්, රෙදිකඩ වැනි අත්‍යවශ්‍ය නොවන දේවල් වසාදමල. වෛද්‍ය සේවාවන් , තැපෑල, පොදු ප්‍රවාහනය වැනි දේවල් ක්‍රියාත්මක වෙනවා. නමුත් ගමන් යනකොට පොලිසිය නවත්වල චෙක් කරනවා. නිකරුනේ ගමන් බිමන් බැහැ , කොරෝන රෝගීන් 130000 පමණ මෙහෙ සොයාගෙන තිබෙනවා. ඉන් 64000 විතර සනීප වෙලා... 3200 විතර මැරිලා රෝගීන් 60000 විතර ප්‍රතිකාර ගන්නවා. මෙහෙ රෝහලවල තද බද නැහැ. ඉන්ටෙන්සිවූ කෙයාර් එක හොඳින් ක්‍රියාත්මක වෙනවා , ඒක නිසා ලෙඩුන් සිටින ප්‍රමාණයට අනුව අනෙකුත් රටවල් එක්ක සන්සන්ධනය කරන විට අඩු මරණ ප්‍රතිශතයක් පෙන්නුම් කරනවා. මෙහෙ ඉන්න මට නම් කිසිම බයක් නැහැ. නමුත් එංගලන්තේ තත්වය සම්පුර්ණයෙන්ම භයානකය. එහෙ මරණ ප්‍රතිශතය 13% වැඩිය....
මුළු ලංකාවේම ඇදිරිනීතිය දමාගෙන , කන බොන දෙයක්වත් නැතුව දුක්විදින වෙලාවේ ඔය කියන 55000 නැවත ලංකාවට ගෙනාවොත්, නිකන් කොරේ පිට්ට මරේ වගේ තියේවි . තිබෙන පහසුකම් යටතේ 55000 නිරෝධනය කරන්න අවුරුද්දක් වත් ගතවෙනවා....
ඇත්ත වශයෙන්ම කොරෝනා වලට බයේ තමයි සමහර කට්ටිය ලංකාවට ගියේ... දැන් යන්න හදන අයයි, ගිය අයයි අවස්ථාවාදී අය කියා හඳුන්වන්න පුලුවන්. මම දැන් ඉන්න රටෙත් මම දන්න විදිහට ලංකාවේ අය විතරයි ගියේ . විවිධ ජාතීන් මෙහි සිටියත් ඔවුන් ගියේ නැහැ. යුද සමයේදී ඔවුන් වෙන රටවලට පනිනවා. අපිටත් ලංකාවට එන්න තිබුනා... නමුත් ආවේ නැහැ. අපේ රට ගැන හිතලා. ඔය ආපු හැම කෙනාම අවස්ථා වාදීහු කිව්වාට වරදක් නැහැ. ඔය අය ඉන්න රටවල් වලින් වාසි අරගෙන ඒ රටවලම බනින කැත මිනිස්සු.
ලංකාවේ දොස්තරලාගේ මේ ඉල්ලීමෙන්ම පෙනෙනවා ඔවුන් දොස්තරලා වුනේ හුදෙක් මානව හිතවාදී සේවයකටද නැත්නම් සල්ලි හම්බ කරන්නද කියලා...? කොරෝනා නැත්නම් මේ අය කරන්නේ කෙසේ හෝ පුහුණුව ඇදගෙන ගිහින් වැඩි කලක් එංගලන්තයේ නවතින්නත් ස්ථීර රැකියාවක් සොයාගෙන පදිංචි වෙන්නත්ය. අන්න ඒ නිසයි යුරෝපයේ කොතරම් වැඩි ලකුණු ගත්තත් වෛද්‍ය විද්‍යාලයට යා හැක්කේ මානව හිතවාදී මෙහෙයකට තමන් යන්නේ කියන එක ඔප්පු කරන අයට පමණක් වන්නේ. මේ අවස්ථාවේ ඔවුන් ඉදිරියටම ගොස් ලෙඩ්ඩුන්ට සාත්තු කල යුතුයි. මමත් අද ඉන්නේ ලොව භයානකම නගරයේ වුනත් පණ බයේ නම් නොවේ.
හරි නම් මේ මාලදිවයිනේ අතරමන් වුන ශ්‍රී ලංකික ශ්‍රමිකයන් ගැන මාලදිවයිනේ ශ්‍රී ලංකික තානාපති තුමා සහ කාර්යමණ්ඩලය බලාගන්න ඕනේ.... නමුත් මලදිවෛනේ ශ්‍රී ලංකික තානාපති වශයෙන් පත්කරලා යැවුවේ ගායන සහ නර්තන ශිල්පියෙක්.... ශ්‍රී ලාංකිකයන්ගේ ජිවිත අනතුරේ..., දැන් මොකද කරන්නේ ?
එංගලන්තේ දැන් අමාරුවේ වැටිලා ඉන්නේ. එහෙ පුරවැසියනුත් මනුෂ්‍යයන්. පසුගිය දශක කිහිපයක පටන් අපේ දොස්තරලට පුහුණුව දුන්නේ එංගලන්තේ. එම නිසා අපේ රටේ පුරවැසියන් ලක්ෂ ගණනක් සුවපත් වුනා. එහෙ ගිහින් උපාධිය කරලා ලංකාවට ආපු දොස්තරලත් චැනල් සේවය තුලින් කෝටි ප්‍රකෝටි ගණනක් උපය ගත්තා. දැන් ඔය විශේෂ පුහුණුවකට කියලා ගිය දොස්තරලා හරිනම් කරන්න ඕනේ අපිව ගෙන්නා ගන්න කියලා කෙදිරිගාන්නේ නැතුව ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වෙලා තම සේවය අමාරුවේ වැටිලා ඉන්න එංගලන්තෙට දෙන්න ඕනේ. ඒක තමා මහත්මා ගතිය සහ මනුෂ්‍යකම. පුළුවන් වෙලාවට කෙනකුගෙන් උදවු ගන්නත් බැරි වෙලාවට පැනලා යන කැත පුරුද්දත් අතහරින්න ඕනේ. හැමදෙයක්ම තම පහසුවට සහ සල්ලිවලින් මනින්න එපා දොස්තර මහත්වරුනි......
තමන් ඉගෙන ගන්න ගිය එංගලන්තේ අසරණ වුන වෙලාවේ අහක බලන මේ ගොල්ලගෙ හැසිරීම මුළු ලංකාවටම කළු පැල්ලමක්.... මේ ගොල්ල හිපොක්‍රටිස් දිවුරුම් දීපු පුද්ගලයෝ නේද ? අරාබියේ අතරමන්වෙච්ච ගෘහ සේවකයෝ වැනි කෙනෙක් ඉස්සෙල්ල ගෙන්වා ගන්න මේ ගොල්ල නම් ගෙන්වා ගන්න එපා.... මේගොල්ල දොස්තරලා , මොවුන් දන්නවා රෝගවලින් ආරක්ෂා වෙලා ජිවත් වෙන්න . ලෝකය පුරාම තිබෙන රටවලින් එංගලන්තෙට මේ අසීරු අවස්ථාවේ උදවු කරනවා. මොවුන් එහෙ යැවුවේ ලංකාවේ මහජන මුදලින් නම් , මොවුන් ලංකාවේ ආණ්ඩුවෙන් පඩි ගන්න දොස්තරලා නම් , ලංකාවේ ආණ්ඩුව කෙලින්ම මොවුන්ට එංගලන්තේ සෞඛ්‍ය සේවාවට උදවු කරන ලෙස නියෝග කල යුතුය .