(ඩයනා උදයංගනී)
විදෙස්ගත රැකියාවන්හි නිරත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 23 දෙනකු මේ වන විට කොරෝනා ආසාදනයවීමෙන් විදෙස්ගත මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම ශ්‍රමිකයින් කුවේට්, ඩුබායි, අබුඩාබි, සෞදි අරාබිය, ඕමානය ආදී රටවල සේවයට ගොස් සිටි අය බව එම කාර්යාංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
මෙම ශ්‍රමිකයින් 23 දෙනා මාර්තු මස මැද භාගයේ සිට මේ දක්වා කාලසීමාව තුළ මියගොස් ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ඔවුන් වෙනුවෙන් ලැබිය යුතු රක්‍ෂණාවරණ, වන්දි දීමනා, හිඟ වැටුප් ආදිය ඔවුන්ගේ පවුල් වෙත ලබාදීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අදාළ රටවල තානාපති කාර්යාල හා එක්ව කටයුතු කරගෙන යන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට එන්න ඉඩදුන්නා නම් ජීවිත ඛෙරගන්න තිබුණා.