IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විදෙස්ගත රැකියා කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 23ක් කොරෝනා වැළඳී මරුට

(ඩයනා උදයංගනී)

විදෙස්ගත රැකියාවන්හි නිරත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 23 දෙනකු මේ වන විට කොරෝනා ආසාදනයවීමෙන් විදෙස්ගත මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
 
එම ශ්‍රමිකයින් කුවේට්, ඩුබායි, අබුඩාබි, සෞදි අරාබිය, ඕමානය ආදී රටවල සේවයට ගොස් සිටි අය බව එම කාර්යාංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

මෙම ශ්‍රමිකයින් 23 දෙනා මාර්තු මස මැද භාගයේ සිට මේ දක්වා කාලසීමාව තුළ මියගොස් ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
 
ඔවුන් වෙනුවෙන් ලැබිය යුතු රක්‍ෂණාවරණ, වන්දි දීමනා, හිඟ වැටුප් ආදිය ඔවුන්ගේ පවුල් වෙත ලබාදීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අදාළ රටවල තානාපති කාර්යාල හා එක්ව කටයුතු කරගෙන යන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
 



අදහස් (1)

විදෙස්ගත රැකියා කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 23ක් කොරෝනා වැළඳී මරුට

de silva Saturday, 20 June 2020 01:31 PM

ලංකාවට එන්න ඉඩදුන්නා නම් ජීවිත ඛෙරගන්න තිබුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site