(විනීතා එම් ගමගේ )
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පවත්වාගෙන යන සියලු පුහුණු පාඨමාලා මේ මස 31 වැනිදා දක්වා නවත්වා ඇතැයි එම කාර්යංශය කියයි.
කොවිඞ් 19 හෙවත් කොරෝනා වයිරසය පැතිර යාම හේතුවෙන් රට තුළ ඇතිවී පවතින තත්ත්වය සළකා බලා මෙම තීරණය ගත් බව කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පුහුණු මධ්‍යස්ථානවල පුහුණු පාඨමාලා හදාරමින් එම මධ්‍යස්ථානවල නේවාසිකව සිටන සියලු දෙනා තම නිවෙස්වලට යාමට අවශ්‍ය පියවර ගන්නැයි දැනුම් දුන් බව ද එම නිලධාරියා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd