( ඩී.කේ.රත්න )
විදේශීය රටවල සිට පැමිණි ශ‍්‍රී ලාංකික පුද්ගලයින් 14 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා අද (12) දියතලාව යුධ හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කර ඇතයි දියතලාව යුධ හමුදාව පැවසීය.
මෙම පිරිසට විදේශීය රටවල සිට පැමිණි පිරිමි පුද්ගලයින් දස දෙනෙකු සහ කාන්තාවන් හතර දෙනෙකු අයත්ව ඇතයි යුධ හමුදාව කියයි.
යුධ හමුදා නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සියුලූ දෙනාම දින 14 ක් නිරෝධායනය සිදු කිරීම සදහා දියතලාව යුධ හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කර තිබේ.
COMMENTS
airport වහල ද? එහෙනම් කොහොමද ආවේ? කවදද ආවේ?
විදෙස් ගුවන් තොටුපලවල සිරවී සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙල යටතේයි රුවන් මහත්මයා....
මේ විදෙස් රටවලින් ගෙන්න ගත්ත අයවලුන් ඔක්කොම දියතලාවට යවන්නේ විශේෂ අයවලුන් වෙන්න ඇති. චීනයෙන් වැඩමමපු ශිෂ්‍යයොත් ගියේ එහෙ නේද?
නිසැකවම මේ විශේෂ වරප්ප්‍රසාද ලත් කණ්ඩායමක්.
ඔව් දැනගන්න තියන විදියටනම් ලොකු අප්පොච්චිගේ, මහප්ප්පගේ ළමයින්ගෙත් ළමයින්ගෙත් යාලුවෙකුගේ ළමයිලු.
හරිම කණගාටුයි මේකේ තියෙන කමෙන්ට්ස් බැලුවම අපේ රටේ මිනිස්සු හිතන හැටි. හැමදේටම දේශපාලනය. මේ ආව මිනිස්සු ගුවන්තොටුපළවල් වල ට්‍රාන්සිස්ට් එකේ හිර වෙලා හිටපු අය. ඒ මිනිස්සුන්ට රටකට ඇතුල් වෙන්නවත්,පිටවෙන්නවත් බැහැ. කව්රු උනත් කරපු උතුම් වැඩක් අහිංසක මිනිස්සු වෙනුවෙන්....
මේ ආවේ විදෙස් ගුවන් තොටුපලවල හිරවී සිටි 14 දෙනෙක්. ඔක්කම 33 ක් ඉන්නවා. අනෙක් එක චීනෙන් ආපු ළමයි දියතලාවේ යැව්වේ එතකොට තිබුණු එකම මධ්‍යස්ථානය එය නිසා. හැම මධ්‍යස්ථානයකම ඇත්තේ එකම පහසුකම්. හැමදේටම දේශපාලන ඇදෑ ගන්න එපා. ලංකාව 1977 පස්සේ මෙහෙම විනාශ වුනේ මිනිස්සුන්ගේ හිත්වල වෛරය ඇති කරලා. එදා ප්‍රජාඅයිතිය තහනම් කරලා දේශපාලන වෛරී අදහස් ඇතුල් කලා. එදා ඉදලා අද දක්වාම මේ දේශපාලනික වෛරී අදහස් එහෙම්මමයි.
වරප්‍රසාද ලත් පිරිස් දියතලාවේ වෙන්කරපු කාමර වල වෙන වෙනම නිරෝධනය වෙනවා. අනිත් කට්ටිය කන්දකාඩුවේ තොග පිටින් නිරෝධනය වෙනවා. සමහරුන්ට නිරෝධායනය ඉවරවෙලා ගෙදර ගියහම කොරෝනා.