(ඩයනා උදයංගනී)
විදේශයන්හි සිට ලැබුණු පාර්සල් 45,000ක පමණ ලිපින මැකී ගොස් ඇත්තේ ඒවා මුද්‍රණයට භාවිතා කර ඇති ක්‍රමවේදයේ පවතින දෝෂ නිසා යැයි නියෝජ්‍ය තැපැල්පති තුසිත හුළංගමුව මහතා පැවසීය.
මේ පාර්සල් ගුවන් තැපෑලට භාර දී මාස තුනකට වඩා ගතවී ඇති බවත්, ගුවන් ගමන් ක්‍රියාත්මක නොවීම නිසා නෞකාවක් මගින් එවීමේදී කාලය ගතවීම සමඟ පාර්සල් මත මුද්‍රණය කර තිබූ ලිපින මැකී ගොස් ඇති බවත් නියෝජ්‍ය තැපැල්පතිවරයා කීවේය.
එම පාර්සල් මත අලවා ඇති ලිපින මුද්‍රණය කිරීමට යොදාගෙන ඇති ක්‍රමවේදය අනුව එම ලිපිනවල අකුරු මාස කිහිපයක් යාමේදී මැකීයාම සාමාන්‍ය තත්ත්වයක් බව ද ඔහු සඳහන් කළේය.
මෙම ලිපින මැකී ගොස් ඇති පාර්සල් හිමිකරුවන්ට ලබාදීම සඳහා මේ වන විට පියවර ගනිමින් සිටින බව ද නියෝජ්‍ය තැපැල්පතිවරයා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ වන විටත් එම පාර්සල්වල කේත (බාකෝඞ්) අංක එම පාර්සල් එවූ මැලේසියානු තැපැල් පරිපාලනය වෙත යවා තිබෙන බවත්, ඒ හරහා මෙම පාර්සල් හිමියන්ගේ ලිපින ලබාගැනීමට හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේය.
අන්තර්ජාලය හරහා විදෙශයන්ගෙන් අයදුම් කළ භාණ්ඩ තොගයක් මෙසේ ලැබී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
ලිපනවලින් අඩක් පමණක් මැකීගොස් ඇති නමුත් ඉතා අපහසුවෙන් කියවාගත හැකි පාර්සල් 5000ක් පමණ මේ අතර තිබෙන බව කී හුලංගමුව මහතා ඒවා හැකි ඉක්මනින් අයිතිකරුවන් වෙත බෙදීමට කටයුතු කරන බව ද කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ මිනිස්සුන්ට පිස්සුනේ... එකම මුද්‍රණ යන්ත්‍රයකින් ලිපින සකස් කරන එකම ආයතනයකින්නේ මේ පාර්සල් 42000 ගෙන්නලා තිබෙන්නේ...
බන්දුල ගුණවර්ධන ඇමති ඊයේ රූපවාහිනියේ ප්‍රවෘත්තිවලට කිව්වේ මේ පාර්සල්වලට "වතුර වැදිලා" කියලා. රට වැසියන්ට බොරු කියන එක පුරුද්දක් කරගත්ත ශ්‍රී ලංකාවේ දේශපාලුවන් කට ඇරියොත් එළියට පනින්නෙම බොරුවක්...
කරුණාකර තැපැල් දෙපාර්තමේන්තුවේ කළමනාකාරිත්වය පෞද්ගලිකරණය කරන්න. මේ අය හිටියොත් හැමදාම බිල් ටිකයි, වෙසක් කාඩ්, ටෙලිග්‍රෑම් බේද බෙදා ඉඳියි.
මේ රටේ සමහර දේශපාලකයන් හා නිලධාරීන් තමන්ගේ නොහැකියාව හා අඩුපාඩු වහගන්න පිළිගැනීමට නොහැකි හිතළු කියනවා ... මේවා මේ කා රැවටීම සඳහාද ? බොරු කියන්නේ කට හද හදා ... නැවේ ගේනකොට මුහුදු වතුරට තෙමිලාලු ... නැව් කියන්නේ මේ බෝට්ටු වගේ මුහුදු වතුරට බඩු භාණ්ඩ තෙමෙන ඒවාද ...
ලංකාවේ ඉන්න හොර තක්කඩියන්ගේ බොරු කතා තමයි ඕවා. ලිපිනයන් මකුනත් කිසිම ගැටළුවක් නැහැ. ඔය බාර් කෝඩ් එක ස්කෑන් කලාම පාර්සලය හිමිවිය යුතු අදාළ පුද්ගලයාගේ දුරකථන අංකය ඇතුළු ලිපිනයන් හෙළිවෙනවා. එවැනි බාර් කෝඩ් රීඩර් එකක් වත් ලංකාවේ තවම පාවිච්චි කරන්නේ නැද්ද? කටවල් ඇද කර කර බොරු වපුරන්න නම් හරිම හපන්නු.
මගේ ඒවත් අස්තන්ගතයි.
මේවට ආණ්ඩුව වගකියන්න ඕන.
මම නම් පිළිගන්නේ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියාපු දේයි. මේ ලිපි රුවල් නැව් වලින්, ඔරු වලින් මුහුදේ අරන් එනකොට අව්වට වැස්සට, මුහුදු වතුරට අහුවෙලා ඒවායේ ලිපිනයන් ලියාපු තීන්ත දියවෙලා ගිහින් කියන එක කොයි තරම් තාර්කික උත්තරයක්ද? මේ කියන නියෝජ්‍ය තැපැල්පතිතුමා, බන්දුල ගුණවර්ධන මහතාගේ දැනුම සහ විශ්වාසනීයත්වය නැති කරන්න හිතා මතාම කරන අසාර්ථක උත්සාහයක්.
තැපෑල මඟින්, ඉහත කාල සීමාව තුළ ලැබිය යුතුව තිබූ මෙතෙක් පාර්සල් නොලැබුණ අය ගේ (සහ පාර්සල් එවන ලද අය) විස්තර රැස් කර ගන්නේ නම්, එමඟින් මෙම පාර්සල් ලැබිය යුත්තන් තහවුරු කර ගෙන නිකුත් කිරීමට පහසු වනු ඇත. මෙහිදී එය තැපැල් කරන ලද අයගෙන් ඒ සඳහා වන රිසිට් පත ඇත්නම් එය සහ එහි ඇති භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබා ගෙන එය ලැබිය යුත්තාට නිකුත් කළ හැකිය. මෙය තරමක් අපහසු කාර්යයක් වුවත් තැපැල් සේවය පිළිබඳ ජනතාවගේ විශ්වාසය වැඩි කර ගැනීමට මෙය පිටුවහලක් වනු ඇත.
මේවාට විෂබීජ නාශක හෝ සැනිටයිසර් යෙදුවා විය නොහැකිද?... ඒසේ වූවානම්, මෙලෙස ලිපින මැකීයාම නම් අරුමයක් නොවේ. කරුණු කෙසේ වෙතත්, මිනිසුන් වියදම් දරා මේ පාර්සල් ගෙන්වා ඒවාට තැපෑලට ගාස්තුද ගෙවා තිබියදී එම පාර්සල් සඳහා වගකිවයුතු ප්‍රධානීන් තම වගකීමෙන් ගැලවීමට මෙසේ බොළඳ කතා කීම මොනතරම් හාස්‍යජනකද?.. මොවුන්ගේ උගත්කම තිබෙන්නේ කොහේද..?
ගහන්න පුළුවන් කොහෙද... එහෙන් ගහන්න හදනවා. අහුවෙන්න යනකොට බේරෙන්නත් උපක්‍රම දන්නවා. ආපු දවසේ ඉඳලාම වුණේ ඕක තමයි. දැක්කේ නැද්ද මහමුහුද ගොඩකරන්න වැලි දාපු හැටි. දවස් දෙකෙන් මිලියන 890ක් ඉවරයි. මහ බැංකු හොරකමත් පරාදයි...
ඔබතුමාට අපගේ ප්‍රණාමය.. ඉක්මන් පියවරක් ගන්න.. මේ පාර්සල් ඩිලිවර් කරන්න බැරිම නම් රිටර්න් කරන්න.. එතකොට සේල්ස්මෑන්ලා සල්ලි හරි ආපහු දෙයිනේ.. නැත්තම් එ්වා අපිව බ්ලැක් ලිස්ට් කරන එක වළක්වන්න බැරි වෙයි.. අනික මෙතන කොච්චර වටිනා දේවල් ඇත්ද..?
මොන බොරු කතාද මේ? නැවේ එද්දි තෙමිලනෙ මැකිල තියන්නේ...
මෙ තමයි ඇත්ත. අර ටොම් පචයා කිව්වෙ මොනවද? සමහර විට 69ලක්ෂයට තාම කියන්න ඇත්තේ නැවත වතුර ගහලා කියලා...
මේවා බොරු... 69 ලක්ෂයට දැන් සතුටුද?