(සුජිත් හේවාජුලිගේ සහ නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකාවට පැමිණ සිටින සියලුම විදේශිකයන්ගේ වීසාවල වලංගු කාලය පවතින තත්ත්වය හේතුවෙන් මසකින් දීර්ඝ කිරීමට ආගමන විගමන පාලක ජනරාල්වරයා තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයක මෙසේ ද සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය පවතින තත්ත්වය හමුවේ දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව පහත සඳහන් පරිදි කටයුතු කිරීමට කාරුණික වන මෙන් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටි.
ඒ අනුව එම සියලුම වීසා දීර්ඝ කිරීම්වලට අදාළ වීසා ගාස්තු ගෙවා වීසාව ඔබගේ විදේශීය ගමන් බලපත්‍රයේ පිටසන් කරගැනීම සඳහා 2020 අප්‍රේල් මස 8 හා 9 යන දිනවලින් එක් දිනක පමණක් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 4 වැනි මහලේ වීසා අංශයට පැමිණෙන ලෙස දන්වා සිටියි.
2. මෙම කාලය තුළ දී ඔබ දිවයිනෙන් බැහැර වීමට අදහස් කරන්නේ නම් ඉහත වීසා දීර්ඝ කිරීමට අදාළ වීසා ගාස්තු , ගුවන්තොටුපොළ වෙත ගෙවා දිවයිනෙන් බැහැර වී යා හැකිය. එහිදී දඩ මුදල් ඔබගෙන් අය කරනු නොලැබේ.
3. ඔබ දැනටමත් වීසා ලබාගැනීම සඳහා ගමන් බලපත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශය වෙත ලබා දී ඇත්නම් එහිදී ඔබ වෙත ලබා දී ඇති පිළිගැනීමේ රිසිට් පත්‍රයේ (Acknowledgment) වලංගු කාලය ද 2020 මාර්තු 14 වැනි දින සිට ඉදිරියට දින 30ක කාලයකට එනම් 2020.4.12 දින තෙක් දීර්ඝ කරනු ලැබේ.
මෙම කාලය තුළ දී ඔබ දිවයිනෙන් බැහැර වීමට අදහස් කරන්නේ නම් පමණක් ඔබගේ ගමන් බලපත්‍රය මෙම දෙපාර්තමේන්තුවෙන් ලබාගැනීම සඳහා ඉල්ලීමක් පහත සඳහන් විද්‍යුත් ලිපිනයන් වෙත ඔබගේ ගුවන් ගමන් ටිකට් පත්‍රයේ පිටපතක් සමඟ යොමු කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් දෙපාර්තමේන්තුව විසින් ඒ ඒ අවස්ථාවන්හිදී ඔබ වෙත ලබාදෙනු ඇත.
[email protected] , [email protected] , [email protected] , [email protected] , [email protected] යන ඊමේල් ලිපිනයන්ට ඒ තොරතුරු ඉදිරිපත් කළ හැක.
ආගමන හා විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයට පැමිණීමෙන් වළකින ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටින අතර මේ සම්බන්ධයෙන් ඔබ වෙත සිදුවන අපහසුතාව පිළිබඳ කනගාටුව ප්‍රකාශ කර සිටියි.
මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ලබාදීමට සුදුසුකම් සහිත සමාගමට ලබා නොදී දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාග
කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.
වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්
කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා බලාගිය රියදුරුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධි
සාකච්ඡාවට භාජනය වී ඇති ජල පිරිපහදුවට භාවිත කරන හුණු තොගය පවිත්‍රීකරණ ක්‍රියාවලියකට යොදාගෙන නොමැති බවත් විශාල පිරිවැයක් දරා සපයන ජලය පිළිබඳව කිසිඳු බ
ඉන්දියාවේ අහමදාබාද් හි පැවැත්වෙන බිම්ස්ටෙක් තරුණ සමුළුව සඳහා සහභාගී වන තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායම අද (7) දිවයිනෙන් ප
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
විදේශිකයන්ගේ වීසාවල වලංගු කාලය දීර්ඝ කෙරේ
chandima Tuesday, 17 March 2020 06:47 PM
රටේම ඉන්න සුද්දෝ බත්තරමුල්ලට එන්න කියන්නේ ගානක් ගෙවලා විසා දික්කරගන්න?
almeida Tuesday, 17 March 2020 08:30 PM
මොකක්ද මේ වැඩේ? ආණ්ඩුවට ඊමේල් එකක්වත් නැද්ද ගූගල් පාවිච්චි කරන්නේ? පාලකයන්ගේ හැකියාව හොදට පේනවා. මේ රට මේ ආත්මෙකට හැදෙන්නේ නැහැ
jaya Wednesday, 18 March 2020 03:56 AM
ජි මේල් වලට මේල් යවන්න කීමෙන්ම අපේ ජිජිටල් සුදානම හොඳට පේනවා. දැන් වත් මේවා පිළිවෙලක් කරන්න