(එච්. චන්දන )
පවතින තත්වය හමුවේ හදිසි අවස්ථාවක හැර විදුලි කප්පාදුවක් , විදුල මිල වැඩි කිරීමක් සහ ඛනිජ තෙල් මිල වැඩි කිරීමක් සිදු කිරීමට සුදානමක් නැති බව විදුලි බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකර ආමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුනේ නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරයේ අද (07) නීරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීය.
මේ අවස්ථාවේ සෞඛ්‍ය , ත්‍රිවිධ හමුදාව පොලිසිය විශාල කටයුත්තක් සිදු කරන බවත් , ඔවුගේ කටයුතු සාර්ථකව කරගෙන යාමට දිවයින පුරා අකණ්ඩ විදුලි සැපයීමත් සිදු කළ යුතු බවත් මෙම විදුලි බලාගාරවල සේවය කරන සියළු සේවකයින්ගේ සේවය මේ මෙහොතේ විශාල ලෙස වටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔවුන් දිරිමත් කිරීම සඳහා රජය වෙනුවෙන් බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවත් ලක් විජය බලාගාරයේ සේවය අකුරටම ඉටුකර ජතික විදුලි බල පද්ධතියට සියයට 60 ක ධාරිතාවයක් ලබා දීමට කටයතු කිරීම විශිෂ්ඨ කටයුත්තක් බවත් අමාත්‍යවරයා කීය.
ඩීසල් විදුලිය ලබා ගැනීමට වඩා මෙහි ඊලඟ අධියර ක්‍රියාත්මක කලහොත් කෝටි 10 මුදලක් දවසකට ඉතුරු කිරීමේ හැකියාව ලැබෙන බවත් විදුලි බල මණ්ඩලය පරිසර හිතකාමී ගල් අගුරු බලාගාර , කුඩා ජල විදුලි බලාගාර , එල් එන් ජි විදුලි බලාගාර , සෝලා මගින් ක්‍රියාත්මක වන , සුළං බලයෙන් ක්‍රියාත්මක කරන , මිශ්‍ර වු ව්‍යපෘති ගණනාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවත් හෙතෙම පැවසීය.
පසුගිය වසර 05 තුළ නව විදුලි බලාගාරයක් රටේ ඉදි නොවීම නිසා දැවැන්ත පාඩුවක් රටට විදුලි බල මණ්ඩලයට මුහුණ දෙන්න වෙලා තිබෙන බවත් ඒ තත්වයෙන් මිදෙන්න අවශ්‍ය කටයතු සුදානම් කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අව්සථාවට විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් , ලක් විජය විදුලි බලගාරයේ සාමාන්‍යධිකාරී ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදුල මිල - තෙල් මිල වැඩි කිරීමක් සිදුවන්නේ නෑ
Nuwan Tuesday, 07 April 2020 01:15 PM
"පසුගිය වසර 05 තුළ නව විදුලි බලාගාරයක් රටේ ඉදි නොවීම නිසා දැවැන්ත පාඩුවක් රටට විදුලි බල මණ්ඩලයට මුහුණ දෙන්න වෙලා තිබෙන බවත් ඒ තත්වයෙන් මිදෙන්න අවශ්‍ය කටයතු සුදානම් කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය." එතකොට මහින්ද අමරවීර පහුගිය ආණ්ඩුව කාලේ කොහෙද හිටියේ ඇත්තටම? මුන් හිතන්නේ අපි මැරිලා ඉපදිලා කියල....