(එම් .සුසිල් ප්‍රියන්ත සහ ඩි.ජි.සුගතපාල)
වෛද්‍ය නලාවක් සුඛෝපභෝගී මෝටර් රථයේ ඉදිරි පස තබාගෙන මත් කුඩු ප්‍රවාහනය කරමින් සිටි අයෙකු අද (10 ) අගලිය ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව බද්දෙගම පොලීසිය කියයි .
මේ සමගම එම මෝටර් රථයේ තිබී අයිස් මත්ද්‍රවය භාවිතයට ගන්නා උපකරණයක් රම්බෝ වර්ගයේ පිහියක් ,දුරේක්සයක් ,ජංගම දුරකථන තුනක්, ජංගම දුරකථනවලට දමන සිම් කාඩ් තොගයක්,පෙන්ඩ්‍රව් තොගයක්, ඉන්ජක්ෂන් කටු තොගයක් ,බැංකු කිහිපයක පාස් පොත් රැසක්, ඇදුම් පැලදුම් තොගයක්,ඇතුලු ද්‍රව්‍ය රැසක් මේ සමග පොලීස් බාරයට ගෙන ඇත.
මේ සැකකරු සමග මෝටර් රථයෙන් පැමිනි තවත් සැකකරුවන් තිදෙනෙකු මේ මෝටර් රථය වටලන අවස්ථාවේදී පලා ගිය බවත් එයින් එක් අයෙකු මෝටර් රථයේ යතුර ද ගෙනගොස් ඇති බවත් පොලීසිය කියයි
COMMENTS
අපගේ මෙම අදහස් විහිළුවකට සදහන් කරනවා නොව කරුණාකර පැහැදිලි චායාරූප , මෙන්ම ලිපිනයද මාධ්‍ය මගින් පල කිරීමෙන් මේවා සුළුවශයෙන් හෝ අඩුකරගැනීමට එය රුකුලක් වෙනු ඇත. මොකද මේ වැඩේ කල නිසා රටම චාරුපත් සමගම එලි වුණා...එවිට සිය පවුලේ දරු මල්ලන්ටද පාරේ යාමට නොහැකි වෙනු ඇත. ඒ බියම ඇති මෙවන් වැඩවලින් සුළුවට හෝ ඈත්වීමට ..
එක සැරයක් පැනලා ගියාම වෙඩි තියනවා. දැන් අහුවෙලත් පැනලා ගියාම යන්න අරිනවා. කාට කියන්නද?