IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වතු සේවකයින්ට 5,000 කඩිනමින් දෙන්නැයි ඉල්ලයි

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
දැඩි පීඩාවට පත්ව සිටින රාජ්‍ය සහ පෞද්ගලික වැවිලි සමාගම් මගින් පාලනය වන වතුවල දෛනික වැටුප් ලබන සේවකයින්ගෙන් යැපෙන පවුල්වලටද සහනයක් වශයෙන් දැනට අනිකුත් ජන කොටස්වලට ලබාදෙන රු.5,000/- මූල්‍ය ආධාරය ඉතා ඉක්මනින් ලබාදෙන ලෙස ලංකා වැවිලි සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටී.
 
රටේ පවතින දුෂ්කර තත්වයන් යටතේ පවා තම ශ‍්‍රමය කැප කරමින් ජාතික ආර්ථිකය සවිමත් කිරීමට සේවය කරන නමුත් ලැබෙන ඉතා සුළු වැටුපෙන් තම පවුල් වල මූලික අවශ්‍යතාවයන් පවා සපුරා ගැනීමට නොහැකිව පසුවන වතු සේවකයින් වෙනුවෙන් ලංකා වැවිලි සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ඞී.ඞී. ගල්හේන මහතා මෙම ඉල්ලීම කර ඇත.
 
වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත වතු සේවකයින් වෙනුවෙන් ලංකා වැවිලි සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ඞී.ඞී. ගල්හේන මහතා ලිපි යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇත.
 



අදහස් (2)

වතු සේවකයින්ට 5,000 කඩිනමින් දෙන්නැයි ඉල්ලයි

R.M.K.S.රත්නායක Thursday, 16 April 2020 12:15 PM

මීට අවුරුදු 5 කට පෙර පොලිස් සේවයේ යෙදී සිට අතුරුදන් වූ පොලිස් සැරයන් මගෙ මහත්තයාගෙ පඩියවත්, දීමනාවක්වත් කිසිම දෙයක් තාම නෑ. මගෙ ලමයි තුන්දෙනා තාම ඉගෙනගන්නවා. ඒත් රජයෙන් කියල අපට කිසිම සහනයක් දීල නෑ. අපි ඔය කියන දීමනා ලැයිස්තුවට අයිති නෑ. අපිත් මේ වෙලාවෙ හොදටම අසරණ වෙලා ඉන්නෙ. ඉන්න තැනක් තිබුනට කන්න දෙයක් නෑ. මමත් දරු තුන්දෙනත් එක්ක ගෙදර ඉන්නේ. ජනාධිපතිතුමනි අසාධාරණයට ලක්වූ අපි වෙනුවෙනුත් සහනයක් ලබා දෙන්න...

:       0       0

නාමල් Thursday, 16 April 2020 12:18 PM

ඔය කට්ටිය පොඩ්ඩක් ඉවසා ඉන්න. දීලා පිරිමහන්න බැහැ. ඉල්ලන එකම තමා වැඩේ. දුන්නත් ඉතින් හොදක් කියන්නේ නැහැනේ . ගිය ආණ්ඩුව කලේ මොනවද ඔයාලට ලැබුනේ. ඡන්දෙ එහෙට දීලා අපෙන් රුපියල් 5000ක් ඉල්ලනවා. ඒක සාධාරන නැහැනේ. ටිකක් හිතල බලන්න මම කියන්නේ බොරුද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site