IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වතුකම්කරුවෝ කබලෙන් ලිපට

(ශාන්ත චන්ද්‍රසිරි)
 
පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට උඩරට වතුකරයේ නගරවලට පැමිණි  වතු කම්කරුවන් අද (23) පස්වරු 2.00 වනවිටත් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටි අයුරු දැක ගන්නට ලැබිණි.

 
වතු කම්කරු බොහෝ පිරිසකට පැවැති කාලය කළමණාකරණය කර ගැනීමට නොහැකිව මෙම තත්ත්වයට පත්ව සිටි අතර, ඇතැම් පිරිස් ඇඳිරි නීතිය පනවන ලැබු සවස 2.00 පසුවත් නගරවලට පැමිණෙනු දැකිය හැකි විය.
 
භාණ්ඩ මිලදී ගැනීමට විශාල පෝලිම්වල ගත කිරීමත්, ඇදිරි නීතිය පනවන වේලාවන් නිසි පරිදි වටහා නොගනීමත් හේතුවෙන්  වතු කම්කරුවන් මෙම තත්ත්වට පත්ව  සිටිනු දක්නට ලැබිණි.
 
එළඹෙන 26 වන දින දක්වා යළි ඇදිරි නීතිය රජය විසින් පනවන ලද බවත්, ඒ  හේතුවෙන් ආර්ථික අතින් දුෂ්කරතාවයට ලක්ව සිටින තමන්ට දින කීපයක් ගත කිරීම දැඩි දුෂ්කරතාවයක් බවද වතු කම්කරුවෝ පවසති.
 
වතුකරයේ සෑම නගරයක්ම  ආවරණය වන පරිදි විශේෂ පොලිස් ආරක්ෂාවක්ද ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ද යොදවා තිබේ.

 



අදහස් (0)

වතුකම්කරුවෝ කබලෙන් ලිපට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site