(මහින්ද නිශ්ශංක)
අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් කළ හැකි කොළඹ ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනයක් පාලන මිලට වඩා වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේදී පාරිභොගික අධිකාරිය මඟින් ඊයේ (25) දහවල් නීතීයේ රැහැනට හසුකර ගනු ලැබීය.
පාරිභොගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගෙන අධිකාරිය මඟින් ඊයේ සිදුකළ වැටලීමකදී මෙම ප‍්‍රධාන පෙළේ පෞද්ගලික වෙළඳ ආයතනය පාලන මිලට වඩා දෙතුන් ගුණයකින් වැඩි මිලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන බවට අනාවරණය වී ඇත.
රුපියල් 100/-ට මිල නියම කොට ඇති ග‍්‍රෑම් 425 ප‍්‍රමාණයේ සැමන් ටින් එකක් රුපියල් 550/- කටත් , රුපියල් 150/-ට මිල නියම කොට ඇති ලොකු ලුණු කිලෝව රුපියල් 500/- කටත් , රුපියල් 65/-ට පාලන මිල වන පරිප්පු කිලෝව රුපියල් 180/- කටත් , රුපියල් 92/-ට මිල නියම කොට ඇති පාන් පිටි කිලෝව රුපියල් 350/- කටත් වැඩි මිලට අලෙවි කරන භාණ්ඩ අතර වෙතැයි පාරිභොගික අධිකාරිය පවසයි.
මෙම වැටලීමෙන් පසු එම වෙළඳ ආයතනය වැඩි මිලට භාණ්ඩ විකුණු පාරිභොගිකයින්ට අයකළ වැඩි මිල නැවත ලබාදීමටද ආයතනය පොරොන්දු වී ඇති අතර අන්තර්ජාලය මඟින් ප‍්‍රසිද්ධ කර ඇති භාණ්ඩ වල වැඩි මිල ගණන් ඉවත් කිරීමටද පොරොන්දු වී ඇතැයි අධිකාරීය වැඩිදුරටත් පවසයි.
රටේ ඇඳිරි නීතීය පවතින අවස්ථාවේදී පාරිභොගිකයින් ගසා කැමේ යෙදුණු එම වෙළඳ ආයතනයට විරුද්ධව මාලිකන්ද අධිකරණයේ නඩු පැවරීමටද අධිකාරිය විසින් පියවර ගෙන ඇත.
පාරිභොගික අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ උපදෙස් පරිදි එහි අධ්‍යක්‍ෂක අසේල බණ්ඩාර මහතාගේ අධික්‍ෂණය යටතේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්‍ෂ ඒ.ඒ ජසුර් සහ විමර්ශන නිලධාරී චමින්ද අරුණ කුමාර යන මහත්වරු එම වැටලීම සිදුකළහ.
COMMENTS
ලංකාවෙ නීතියේ සිදුරෙන් රිංගලා වැඩිම වුණොත් රුපියල් 5000ක දඩයක් ගහයි. ඔන්න අන්තිම තීන්දුව...
හෙන වදින්න ඕනේ නේද? අපි දන්නවා මිනිහා කවුද කියලා. කල දුටුකල වල ඉහ ගන්නවා.
එම ආයතනය ඔතරම් වනචර විදියට මහජනයා ගසා කෑව නම් එම "කඩේ" නම ප්‍රසිද්ධ නොකරන්නේ මන්ද කියා මගේ ආච්චි අහනවා. උන්දැ හරි කියල සීයාත් කියනවා ! ඉන්ටෙර්නෙට් හරහා අධික මිල ගණන් ප්‍රචාරය කරපු මේ කාඩ කාරයාගේ විස්තර දැනගෙන ෆේස් බුක් හරහා විශාල ප්‍රති ප්‍රචාරයක් දීමට ඉන්ටෙර්නොට්වරු වහාම ඉදිරිපත් විය යුතුය ...
ඒකට කියන්නේ මාද්‍ය සදාචාරය කියලා.