(මහින්ද නිශ්ශංක)
නියම කළ මිලට වඩා වැඩි මිලට මැනිං වෙළඳ පොළේ එළවළු විකුණූ වෙළඳුන් හතර දෙනෙකු පාරිභෝගික අධිකාරිය මගින් අද (27) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම වෙළඳුන් රුපියල් 150 කට මිල නියම කර තිබෙන් කැරට් කිලෝව රුපියල් 450 කටත් , රුපියල් 150 ක් වල මාළු මිරිස් කිලෝව රුපියල් 375 කටත් රුපියල් 100 ක් වල තක්කාලි කිලෝව රුපියල් 250 කටත් අලෙවි කර ඇතැයි අධිකාරිය පවසයි.
මෙම වෙළඳුන් සිව් දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා කොටුව පොලිසියට භාරදුන් බව අධිකාරිය වැඩිදුරටත් පැවසීය
COMMENTS
මේ වගේ වෙළෙඳුන්ට නැවත වෙලදාම් කරන්න තහනම් කරන්න ඕන... මෙනින් මර්කෙට් එකේ
ඒකෙත් හැටි ... 100 යේ සැමන් 550 ට විකුනපු දුලිත් හේරත් නිදහසේ ඉද්දි මේ එළවලු විකුණන පොඩිමිනිහව අත්අඩංගුවට අරගෙන.. පාරිභෝගික අධිකාරිය ... වහාම දුලිත් අත්අඩංගුවට ගනු ...!
පුරවැසියන් අපහසුතාවයට පත්ව ඇති එවන් මොහොතක බොරදියේ වල් අලින් ඇල්ලීමට මාන බැලූ මොවුන්ට උපරිම දඩුවම් ලැබේවා...!!!
හිතක් පපුවක් නැති වෙළෙන්දෝ. රටම අපහසුතාවට පත් වෙලා තියෙන වෙලාවක ගසාකන්ඩම හදනවා. හොරට බඩු කිරනවා.