IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වැඩිමිලට සහල් විකුණූ ගාල්ලේ වෙළඳ සැලක් වටලයි

(ජේ.කේ.එල් චාමින්ද)
 
රජයේ පාලන මිලට  වඩා වැඩිමිලට  සහල් අලෙවි කළ ගාල්ල කරාපිටියේ ප්‍රදේශයේ සුපිරි වෙළදසැලක්  අද (11) වැටලීමට ලක්කළ බව  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ  විමර්ශන නිලධාරී   පි.ආර්.කේ.එස් බණ්ඩාර මහතා පැවසීය.
 
වැඩිමිලට සහල් අලෙවිකරන බවට පාරිභෝගික කාර්යාලයට ලද පැමිණිල්ලකට අනුව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ හා කොළඹ කාර්යාලයේ නිලධාරීන් එක්ව  අද (11 ) දින මෙම සුපිරි වෙළඳසැල  පරීක්ෂාවකට ලක්කළ බව පාරිභෝගික අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරීවරයෙකු සඳහන් කළේය.

ඔහු මෙම වැටලීම පිළිබද අදහස් දක්වමින් මෙසේද කීවේය
‘‘රජය විසින් සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියමකොට තියෙනවා. කිරි සම්බා සහල්  කිලෝවක් අලෙවි කළහැකි උපරිම සිල්ලර මිල රුපියල් 125යි. නමුත්  මෙම වෙළද සැළේ කිර සම්බා සහල් කිලෝවක් රුපියල් 155ට අලෙවිකොට තිබුණා. රුතු කැකුළු කිලෝවක් අලෙවිකළහැකි උපරිම  සිල්ලර මිල  රුපියල් 85යි. නමුත්  මෙම වෙළදසැළේ රතු කැකුළු කිලෝවක් අලෙවිකොට තිබුණේ රුපියල් 106කට.

 එමෙන්ම කල්ඉකුත් වු භාණ්ඩ  අලෙවි කිරීමත් සිදුකොට තිබුණා. ඉදිරියේ මෙම වෙළඳසැල් හිමියාට විරුද්ධ නඩුපවරන බවද හෙතෙම පැවසීය.



අදහස් (1)

වැඩිමිලට සහල් විකුණූ ගාල්ලේ වෙළඳ සැලක් වටලයි

jayath Sunday, 12 April 2020 03:04 AM

අතීත විජිතපුරයට සම්බන්ධ එකක්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site