(දයාරත්න ඇඹෝගම)
තම වැටුපෙන් මුදල් අය නොකර ගන්නා ලෙසට ලිඛිතව ඉල්ලා සිටියදි විදුහල්පතිවරුන් ගෙන් සහ ගුරුවරුන්ගේ වැටුපෙන් මුදල් අයකර ගැනිමට විරුද්ධව ජනාධිපති ලේකම්වරයා ඇතුළු බලධාරින්ට විරුද්ධව ඉදිරි සතියේ නඩු පවරන බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසිය.
අනුරාධපුර නගරයේ පිහිටි ඒ මහතාගේ නිවසේ අද (24)දින පැවති මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව පැවසිය.
එම මාධ්‍ය හමුවේදි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේද පැවසිය.
ජනාධිපති ලේකම්වරයා විසින් ලිපියකින් කර තිබු ඉල්ලිමක් පරිදි කොවිඩ් සහන අරමුදලට කියා මෙම විදුහල්පතිවරැන් ගෙන් සහ ගුරුවරුන් ගෙන් බලහත් කාරයෙන් මැයි මාසයේ වැටුපෙන් දිනක වැටුප අයකර ගෙන තිබෙනවා බලහත් කාරයෙන්.ඔවුන් තමන්ගේ වැටුපෙන් මුදල් අයකර නොගන්නා ලෙසට අදාල බලධාරින්ට ලිඛිතව දැණුම්දි තිබියත් මෙලෙස වැටුප් අය කිරිම නිති විරෝධියි.
රජය පලමුවෙන්ම කිවේ කැමති අයෙකුට පමනක් සිය වැටුප කොවිඩ් සහන අරමුදලට පරිත්‍යාග කරන්න පුලුවන් කියලයි.ඒ වුනාට මේ වන විට පළාත් කිහිපයක රජයේ සේවකයන් ගෙන් වැටුප් මුදල් අයකර ගෙන තියෙනවා. විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ගුරු විදුහල්පතිවරුන් ගෙන්.
මේවන විට ලබන වැටුපත් මදි රජයේ සේවකයන්ට ජිවිත්විමට.ඒ අතර රජය අත්‍යවශ්‍ය භාණ්ඩ මත පනවා තිබු බදු ඉහල දමා තිබෙනවා.ඒ නිසා ඉදිරියේදි භාණ්ඩ මිල ඉහල යන්න පුලුවන්.එහෙම
තියෙද්දි ලබන වැටුපත් රජයේ සේවකයන් ගෙන් ආණ්ඩුව මංකොල්ල කනවා.නැගෙනහිර පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ නියෝගයක් මත සියළුම ගුරු විදුහල්පතිවරුන්ගේ දිනක වැටුප අයකර තිබෙනවා.
මේක අසාධාරණයක්.ඒ නිසා නැගෙනහිර පළාතේ තත්වය පදනම් කර ගෙන අධිකරණයට යාමට කටයුතු සුදානම් කොට තිබෙනවා.අපි ලබන සතියේ අනිවාර්යෙන්ම බලහත් කාරයෙන් වැටුප අයකර ගත් කිහිප දෙනෙකු සමග අධිකරණයේ නඩු පවරනවා.මේවන විටත් මේ සම්බන්ධ නීතිමය කටයුතු අපි අවසන් කොට තිබෙනවා.ඉදිරියේදිත් රජයේ සේවකයන් ගෙන් විවිධ විවිධ කාරනා වලට වැටුප් අයකර ගන්න නියමිතයි.බලහත් කාරයෙන් වැටුපෙන් මුදල් අයකර ගැනිම නිති විරෝධියි.මේක වහාම නතර කරන්න.
ඒ වාගේම අත්‍යවශ්‍ය භාණ්ඩ සදහා බදුවැඩි කිරිම වහාම අත් හිටුවන්න.මේවන විට රටේ ඉන්ධන මිල අඩු කිරිමේ හැකියාව තිබියදි රජය විසින් මහජනයාට සහනයක් ලබා නොදෙන බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදි පැවසිය.
මෙම මාධ්‍ය හමුවට ලංකා ගුරු සංගමයේ අනුරාධපුර දිසා ලේකම් සරත් ගුණතිලක,දිස්ත්‍රික් කමිටු නියෝජිත ප්‍රසන්න සිරිසේන යන මහත්වරුද එක්ව සිටියහ.
COMMENTS
දැන් සැපද? 3% කට්ටිය මාධ්‍ය විසින් පුම්බන ලද රූකඩයක් රටට එපාඑපා කියද්දී තැපැල් ඡන්ද පොහොට්ටුවට පූජා කළ හැටි මතකද? තවදුරටත් බොටුව හිරකර ගන්න අවශ්‍ය නැත්තන් ලබන සැරේවත් මොලේ පාවිච්චි කරලා 3% න් 30% කරන්න. හොර පාදඩයින් නැතුව මිනිස්සුන්ගේ ප්‍රශ්න අඳුනන විසඳුම් ඇති අය තීරණ ගන්න තැන්වලට වැඩියෙන් යවන්න...
3% වෙන්න ඇති නඩු දන්නේ? වෙන කරන්න දේකුත් නැහැනේ මාස දෙකක් ගෙදරට වෙලා ඉඳලා. කිසිම සාධාරණයක් නැති, උගත්කමක් නැති මනුස්සකමක් නැති තව කෙනෙක්ගේ අමාරුව දකින්නැති මිනිස්සු. වැටුපක් ගන්නේ තමන් සේවාවක් සපයපුවාම... නමුත් මේ කාලය තුළ මේ ගොල්ලෝ කරපු දෙයක් නැහැනේ. ඊට අමතරව රැකියාව වෙනුවෙන් වියදමක් දරන්න වුනෙත් නැහැනේ. ඉතින් අැයි මේ දවසකට අඬන්නේ... දියුණු රටවලත් දුන්නේ වැටුපෙන් 80%යි. දැන් එ්ක 60%. මස් රාත්තලම ඉල්ලා අඬන අපි ගරුකරන සමහරක් ගුරුවරුන්...
රජයේ සේවකයින්ගේ වැටුප් කප්පාදු කරන්න ජනපති ලේකම්ට අයිතියක් නැහැ... ආණ්ඩුව සමෘද්ධි ලාභීන්ට රුපියල් 5000 බැගින් දෙනවා... ව්‍යාපාරිකයින්ට අඩු පොලියට ණය සහනාධාර දෙනවා. මධ්‍යම පන්තිකයට මොකවත් නැහැ.. ඒ මදිවට ඔහුගේ වැටුපත් කප්පාදු කරනවා.. පොදු ප්‍රවාහනය හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පුද්ගලිකව යතුරුපැදියකින් හෝ ත්‍රිරෝද රථයකින් ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරගන්න. ලෝක වෙළඳපලේ තෙල් මිල වාසියවත් අපට දෙන්නේ නැහැ. ලබන ඡන්දේදි මේ ආණ්ඩුව වෙනස් කිරීම හැර වෙන විකල්පයක් මධ්‍යම පන්තිකයට නැහැ...
වැටුප් කැපීම ගැන, හරි වැරදි ගැන මං කතා කරන්නේ නැහැ. ගුරුවරු කියන්නේ දෙවිවරු. අප අද කිසියම් මට්ටමක සිටින්නේද ඒ අපට ශිල්ප දුන් දෙවිවරුන් නිසයි. ඒත්, ඒ ගුරුවරුන්ගේ ගෞරවය කෙලෙසුවේ මෙවැනි සංගම්ය. වෛද්‍යවරුද දෙවිවරුය. ඔවුන්ගේ ගරුත්වය කෙලෙසුවේද වෛද්‍ය සංගම්ය. හෙද වෘත්තියේ ගරුත්වය කෙලසුවේ හෙද සංගම්ය. ඒකට දේශපාලනයට ගැති චීවරධාරියෙකුද සම්බන්ධයි. බොහෝවිට මේ සංගම් බලන්නේ අයිතිවාසිකම් ගැනයි. තමන්ගෙන් රටට, ජනතාවට වියයුතු යුතුකම් ගැන සිතන්නේ හෝ කතා කරන්නේ නැත. මේ සංගම් ඒ තරමටම රට, දැය, සමයට ආදරය ඇති හිතැත්තෝය.
බලෙන් වැටුප් කැපීම නීති විරෝධියි. වැටුපෙන් ශතයක් හරි ගන්නවා නම් සේවක කැමැත්ත අනිවාර්යෙන් අවශ්‍යයි.
වැටුප් ගෙවන්නේ කරන රාජකාරියටයි. ඒ අනුව ගෙදර හිටියත් රාජකාරිය කරනවනම් වැටුප් හිමියි. පාසැල් නිවාඩු කාලෙටත් ගුරුවරුන්ට වැටුප් ගෙවන්නෙ ඒක නිසයි. නමුත් ගෙදර ඉන්න නිසා බස් ගාස්තු නැත්නම් ඉන්ධන ගාස්තු ඉතුරුයි. ගෙදරින් පිට යන්නෙ නැති නිසා ඇඳුම් පැළඳුම් වියදම ඉතුරුයි. අතිරේක ආහාරයකට යන වියදම ඉතුරුයි. කෙටියෙන්ම කියනවා නම් ජීවන වියදම් දීමනාව අනවශ්‍යයි. අපේ රටේ හිඟන්නන්ට නිකම්ම දෙන කිසිම දෙයක අගයක් නැති නිසා ඒක තමන්ගෙ අයිතිවාසිකමක් කියලා හිතනවා. බොහෝ දියුණු රටවලවත් ගෙදර හිටියට සම්පූර්ණ පඩි දෙන්නෙ නැහැ. අපි වගේ දුප්පත් රටවල් එච්චර ඒ ගැන නොහිතා හැම දෙයක්ම දෙන නිසා ඒකෙත් දොස්ම හොයනවා. ගුරුවරයායි පුද්ගලයායි අතර ලොකු වෙනසක් තියෙනවා. ඕනෑම වෘත්තියක පුද්ගලයන් ඉවත් වන විට ඒ හිස් තැන පුරවන්න තව පුද්ගලයො පිරිසක් එනවා. ඒක නිසා ගෞරවනීය වන්නේත්, උගතුන් බිහි කරවන්නේත් ඒ ගුරු වෘත්තිය මිස පුද්ගලයන් නොවේ. එබැවින් වෘත්තියට නොගැලපෙන පුද්ගලයන් එළවා දමා වෘත්තීයේ ගරුත්වය ආරක්ෂා කළ යුතුයි.
මේ ආණ්ඩුව මධ්‍යම පාන්තිකයින්ට එලව එලවා පහර ගහනවා. මුලින්ම රජයේ සේවකයින්ගේ පඩිය උදුරා ගත්තා. දැන් අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට බදු පනවලා ඒවායේ මිල වැඩි කළා. හැබැයි පොහොසත් පන්තියට දීපු බදු සහන අඩු කලේ නැහැ.
2015 ආර්ථික වර්ධනය 7.5 % තිබුන රටක් 2019 නොවැම්බර් බාර දුන්නේ ආර්ථික වර්ධනය 1.5 % බස්සලා බිලියන 8 තිබුන ණය ප්‍රමාණය බිලියන 12 නග්ගලා. එහෙම රට අගාතයකට දාලා දුන්න එජාප නායකයා අහනවා රටේ ආර්ථිකය කොහොමද කියලා. මේ අය ද පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියන්නේ. ඒ අතරතුර ලෝකයේම අවාසනාවකට කොරෝනාව කඩාගෙන වැටුනා. ලෝකයේම ආර්ථිකය කාඩාගෙන වැටුන වෙලාවේ ලංකාවේ ද ආර්ථිකය කඩාගෙන වැටුනා. එහෙම වෙලාවක වැටුපෙන් කොටසක් රජයට පරිත්‍යාග නොකර මුලු වැටුප ඉල්ලන්න රජයේ සේවකයාත් මස් රාත්තලම ඉල්ලු ෂයිලොක් අතරත් වෙනසක් නැත. අපිට හමුවෙන දුගියෙකුට රු 20 දෙන්නේ අපි සල්ලි වලින් සම්පූර්ණ වී ඉන්න නිසා නොවෙයි. අතේ තිබෙන මුදලින් සුළු ප්‍රමාණයක් දෙනවා. එහෙමවත් නැති රජයේ සේවකයාට ජනතා මුදලින් වැටුපට අමතරව සතයක් ලැබෙන්න සලස්වන්න එපා.