සමන් පාලිත නානායක්කාර
ඇඳිරිනීතිය පැවතියදී හල්දුම්මුල්ල වෑඑලිය ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට බූරුවා ගැසූ හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන අද (11) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ විට දින දාහතරක් නිරෝධායනය ට යොමු කර නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරු හේන මහතා නියම කළේය.
මෙම සූදු පොළ වටලා කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පස් දෙනෙකු හල්දුම්මුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
නිරෝධායනය නොවී අධි අවදානම් කලාපයක් වන කොළඹ සිට පැමිණි පුද්ගලයෙකු එහි සිටි බැවින් ඔහු කඳවුරු ගතව නිරෝධායනය කිරීමට කටයුතු යොදා තිබුණි .
24 හැවිරිදි තරුණියක් මෙම සූදුපොල කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබෙන බවට පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ .
එම ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අය විටින් විට මෙම බූරු පොළට පැමිණෙන බවට සෞඛ්‍ය අංශවලට තොරතුරු ලැබී තිබූ බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පැවසීය .
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න සිල්වා මහතාගේ මූලිකත්වයෙන් යුත් පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බූරු පොළක්...
අනේ ඇයි මෙම හරකුන්ව නිරෝධ ස්ථානවලට යොමු කරන්නේ? මුන්ට එම මධ්‍යස්ථානවල සියලු පිරිසිදුකිරීම් කිරීමට කටයුතු දීමෙන් හා ඊට පෙර අගල් 2 කේ 2 කේ රිප්පවලින් එම රීප්ප කඩෙන තුරු නෙලා අවසන් කිරීමෙන් පසු එම වැඩට යෙදිය යුතුය..