IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ලොව පුරා මිය ගිය කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 53,000 ඉක්මවයි

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව අද (3) පස්වරු වනවිට 53,000 ඉක්මවා ගියේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අද (3) පස්වරුවේ නිකුත් කළ දත්තවලට අනුව ‘කොවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 53,179ක් ලෙස දැක්විණි. එම දත්තවලට අනුව අද පස්වරු 4 වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන දස ලක්ෂය ඉක්මවා ගොස් තිබූ අතර සමස්ත ගණන 1,017,693ක් විය.

නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන අතර වයිරසය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් මෙන්ම ආර්ථික අර්බුදයක් ද ඇති වී තිබේ.
 
රටවල් සහ පරිපාලන ප්‍රදේශ 200කට වඩා  ව්‍යාප්ත වී තිබෙන නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියටය. වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

දෙවැනියට සහ තෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝහල් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර ඉදිරි සති දෙක තුළ දී හදිසි ප්‍රතිකාර ලබන රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ අවසන් වනු ඇතැයි යුරෝපය අනතුරු අඟවා ඇත.
 
පසුගිය දින අටක කාලයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇත.ලොවපුරා පළමු කොරෝනා ආසාදිතයන් 500,000 වාර්තා වීමට දින 75ක් ගත විය. සමස්ත කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 22ක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. 
 
 ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ  සමස්ත සංඛ්‍යාවෙන් ඉතාලියෙන්  හා ස්පාඤ්ඤයෙන් වාර්තා වන ගණන ප්‍රතිශතයක් ලෙස සියයට 11කි. වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත් චීනයෙන් වාර්තා වන ගණන සමස්ත සංඛ්‍යාවෙන් සියයට 8කි.
 



අදහස් (0)

ලොව පුරා මිය ගිය කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 53,000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 619 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 824 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 357 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site