ලොව පුරා කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 52 000කට අධික බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඇමරිකාවේ සීග්‍රයෙන් වසංගතය ව්‍යාප්ත වන අතර ඉතාලියේ හා ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව ඉහල ගොස් තිබේ.
වැඩිම මරණ සංඛ්‍යාව සිදුව ඇත්තෙත් ඉතාලියේ වන අතර එය 13 915ක් දක්වා ඉහල ගොස් ඇත.
මෙතෙක් වාර්තා වූ ලොව වැඩිම රෝගීන් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වන අතර එය 244 646කි.
වයිරසයෙන් දැඩි ලෙස පීඩාවට පත් ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 10 348කි.
එහි පසුගියදා වාර්තාගත ලෙස එක් දිනකට මරණ 950ක් සටහන් විය.
කෙසේවුවද ස්පාඤ්ඤයේ දෛනික මරණ හා ආසාදන වාර්තා වීම මන්දගාමී වී ඇතැයි පැවසේ.
ලොවපුරා සිදුවූ මරණ වලින් සියයට 28ක් ඉතාලියෙන් වාර්තා වන අතර මේ වනවිට එරට මරණ සංඛ්‍යාව 13 915ක් දක්වා ඉහල ගොස් තිබේ.
කෙසේවුවද ඉතාලියේ වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණයට වඩා සත්‍ය රෝගීන් සංඛ්‍යාව බෙහෙවින් වැඩි බව එරට වෛද්‍යවරු කිහිපදෙනකු පෙන්වා දී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අනිච්චා වත සංකාරා " , " සාමදානයෙන් සැතපේවා", " දෙවියන්ගේ කැමැත්ත " මේ කියන 52000 ම මිනිසුන්. ඒ සැමදෙනාම මිය පරලොව ගියේ එකම විදියට. සෑම මෘත ශරිරයක්ම රෝහලෙන් පිටවුයෙත් " බොඩි බැග්" එකේ සීල් තියලා. ළඟම පවුලේ අයවලුන් දෙදෙනෙකුට මුහුණ විතරක් පෙන්නලා. දන්නා තරමින්නම් සියලුදෙනාම ආදාහනය කරලා. එකම වෙනස වාසය කරපු රට. මේක තමා සත්‍යතාව. රටක්, ජාතියක්, ආගමක්, සමාජ තත්වයක් හෝ මිල මුදල් අදාළ නැනේ....... ද ?, ඉතින් ඇයි මිනිසුනේ මේ යුද්ධ? භේද භින්න ? කල කෝලාහල? මෙලොව අතහැර යන්නේ එකම විදියට නේද?