IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ලොවපුරා මරණ 250,000 පසු කරයි

ලොව පුරා සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව අද(05) අලුයම 2.00ට පමණ 250 000 සීමාව පසු කළේය.

මේ වනවිට ලොව පුරා රෝගින් මිලියන 3.59ක් වාර්තා වී ඇත.

පසුගිය පැය 24 තුළ පමණක් මරණ 3 914ක් සහ අළුතින් රෝගීන් 75 646ක් තහවුරු කර තිබේ.

දැනට පවතින නිල දත්ත වලට අනුව මිලියන 1.1ක ජනතාවක් රෝගයෙන් සුවය ලබා ඇත.
මෑත කාළයේ සිදු වූ මරණ සහ ආසාදිතයන් බොහොමයක් උතුරු ඇමරිකාව හා යුරෝපීය රටවලින් වාර්තා වන නමුත් ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාවන් ද ඉහල යමින් පවතී.

2018 වසරේ සරම්ප රෝගයෙන් ලොව පුරා 140 000ක පමණ ජනතාවක් මියගිය  බවට ඇස්තමේන්තු කර ඇති අතර කොරෝනා මරණ සංඛ්‍යාව එය පහසුවෙන් පසුකර ගිය ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඉන්ෆ්ලුවැන්සා වැනි රෝගාබාධවලින් වසරකට ලෝකයේ මරණ මිලියන 3-5ත් අතර සංඛ්‍යාවක් සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වුවද 1918 වර්ෂයේ ලොව පුරා මිලියන 500ක පමණ ජනතාවකට ආසාදනය වූ ස්පාඤ්ඤ උණ රෝගයට වඩා කොරෝනා රෝගයේ ආසාදිතයින් සංඛ්‍යාව බෙහෙවින් අඩු බවත් එහිදී අවම වශයෙන් ආසාදිතයින්ගෙන් 10%ක් පමණ මියගිය බවත් සඳහන් වේ.

ලෝක සෞඛය සංවිධානය පවසන්නේ මේ දිනවල කොරෝනා රෝගයෙන් ලොව පුරා මරණ අනුපාතය 1% - 2% දක්වා අඩු වී ඇති බවයි.

එසේ වුවද මරණ අනුපාතය රටින් රටට බෙහෙවින් වෙනස්කම් පෙන්වන බවද ඔවුහු සඳහන් කරති.
මේ වනවිට වැඩිම මරණ අනුපාතය වාර්තා වන්නේ බෙල්ජියමෙන් වන අතර එය 16%කි. බ්‍රිතාන්‍ය 15%ක් ද ඉතාලිය 14%ක් ද ඇමරිකා එක්සත් ජනපදය 6%ක් ද ඇල්ජීරියාව 10%ක් ද වෙයි.

නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ මරණ අනුපාතය 1%කි.

(රොයිටර් පුවත් ඇසුරිනි - 085)



අදහස් (0)

ලොවපුරා මරණ 250,000 පසු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1479 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1325 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site