ලොව පුරා සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව අද(05) අලුයම 2.00ට පමණ 250 000 සීමාව පසු කළේය.
මේ වනවිට ලොව පුරා රෝගින් මිලියන 3.59ක් වාර්තා වී ඇත.
පසුගිය පැය 24 තුළ පමණක් මරණ 3 914ක් සහ අළුතින් රෝගීන් 75 646ක් තහවුරු කර තිබේ.
දැනට පවතින නිල දත්ත වලට අනුව මිලියන 1.1ක ජනතාවක් රෝගයෙන් සුවය ලබා ඇත.
මෑත කාළයේ සිදු වූ මරණ සහ ආසාදිතයන් බොහොමයක් උතුරු ඇමරිකාව හා යුරෝපීය රටවලින් වාර්තා වන නමුත් ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාවන් ද ඉහල යමින් පවතී.
2018 වසරේ සරම්ප රෝගයෙන් ලොව පුරා 140 000ක පමණ ජනතාවක් මියගිය බවට ඇස්තමේන්තු කර ඇති අතර කොරෝනා මරණ සංඛ්‍යාව එය පහසුවෙන් පසුකර ගිය ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඉන්ෆ්ලුවැන්සා වැනි රෝගාබාධවලින් වසරකට ලෝකයේ මරණ මිලියන 3-5ත් අතර සංඛ්‍යාවක් සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වුවද 1918 වර්ෂයේ ලොව පුරා මිලියන 500ක පමණ ජනතාවකට ආසාදනය වූ ස්පාඤ්ඤ උණ රෝගයට වඩා කොරෝනා රෝගයේ ආසාදිතයින් සංඛ්‍යාව බෙහෙවින් අඩු බවත් එහිදී අවම වශයෙන් ආසාදිතයින්ගෙන් 10%ක් පමණ මියගිය බවත් සඳහන් වේ.
ලෝක සෞඛය සංවිධානය පවසන්නේ මේ දිනවල කොරෝනා රෝගයෙන් ලොව පුරා මරණ අනුපාතය 1% - 2% දක්වා අඩු වී ඇති බවයි.
එසේ වුවද මරණ අනුපාතය රටින් රටට බෙහෙවින් වෙනස්කම් පෙන්වන බවද ඔවුහු සඳහන් කරති.
මේ වනවිට වැඩිම මරණ අනුපාතය වාර්තා වන්නේ බෙල්ජියමෙන් වන අතර එය 16%කි. බ්‍රිතාන්‍ය 15%ක් ද ඉතාලිය 14%ක් ද ඇමරිකා එක්සත් ජනපදය 6%ක් ද ඇල්ජීරියාව 10%ක් ද වෙයි.
නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ මරණ අනුපාතය 1%කි.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
2025 දෙසැම්බර් මස 18
102
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොවපුරා මරණ 250,000 පසු කරයි