(ටී.කේ.ජී.කපිල )
එංගලන්තයේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එහි අතරමං වී සිටින සිසුන් ශ්‍රී ලාංකික සිසුන් , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(05) දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන එම ගුවන් යානය අද අලුයම 12.51 ට කටුනායක ගුවන් තොටුපළෙන් , ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළ බලා පිටත්ව ගොස් තිබේ .
ඒ අතර ලන්ඩන් බලා ඊයේ පිටත්ව ගොස් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය , භාණ්ඩ තොගයක් රැගෙන අද 05 දින අලුයම 3.05 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
අද ලන්ඩන් බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය මගීන් නොමැතිව , ගුවන් යානා කාර්යය මණ්ඩලය පමණක් රැගෙන පිටත්ව ගොස් තිබූ අතර , මෙම ගුවන් යානය උදෑසන 7.13 ට ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .
මෙම ගුවන් යානය ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ආපසු හෙට (06) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගේන්න කලින් සිංහල හෝඩි පොත පොඩ්ඩක් කියවන්න දෙන්න...
සුමාන ගණනක් " අනේ අපිව ගෙන්න ගන්න, අපිට මෙහෙ අමාරුයි, ඔය රටේ කියන විදිහකට අපි නිරෝධායනය කරන්න කැමතියි... අපිට උදව් කරන්න ... අපි අසරණයි..." කියලා වැඳ වැටුන කට්ටියක්ව ඊයේ එංගලන්තයේ ඉඳලා ලංකාවට ගෙනාවා. යකෝ .. එයාර්පෝර්ට් එකට බැස්සා විතරයි... "සිංහල " අමතක වෙලාලු.. හමුදා නිලධාරීන් සමග මහාට ගෝරියක්. ඒකටම හරියන නරුමයෝ රැලක් ඒ කණ්ඩායමේ හිටියේ... උගත් බුද්ධිමත් අවංක කට්ටියකුත් හිටියා. ( 50 ක් විතර ඒ අය රජයේ නිරෝධායන ක්‍රියාවට යන්න කැමැත්ත දැක්වුවා..ඒ අයට අපේ ආචාරය..) මේ රටේ ඉන්න දේශපාලු කොල්ලකරුවන් හොරකම් කරපු සල්ලි තියෙන නිසා ගොඩක් කට්ටිය " හෝටල් "වලට ගියා. හැබැයි අහුවෙන්න එපා හොටෙල් වලින් එලියට ගිහිල්ලා. අනිවාර්යයෙන්ම කඩනවා කකුලක්. අපේ කොල්ලෝ බලාගෙන ඉන්නේ... අද එන උන් ගැන අපි බලාගෙන ඉන්නේ... එහෙදීම කියන්න ඕනා ලංකාවට ගියාම මෙන්න මෙහෙමයි ඉන්න ඕනා කියලා". බැහැයි... ".කියන උන්ව ගෙනෙන්න එපා. උන්ගෙන් අපිට වැඩක් නැහැ.