චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය පැතිර යෑමේ නව කේන්ද්‍රස්ථානය බවට ඇමෙරිකානු කලාපය පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.
නව කොරෝනා වයිරසය හේතුවෙන් අගෝස්තු මාසය වනතෙක් බ්‍රසීලය ඇතුළු අනෙක් ලතින් ඇමෙරිකානු රටවලින් වයිරස ආසාදිත මරණ වාර්තා වනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
‘‘ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට මේක සුදුසු කාලය නෙමෙයි’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇමෙරිකානු කලාපය සඳහා පත් කරන සිටින අධ්‍යක්ෂ කරීසා එටීන් ප්‍රකාශ කළාය.
‘පෑන් ඇමෙරිකන්’ සෞඛ්‍ය සංවිධානයේ මුලසුන හොබවන්නේ ද ඇය යි.
ලතින් ඇමෙරිකාව ද ඇතුළුව ඇමෙරිකානු කලාපයෙන් ඊයේ වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 24 ලක්ෂය ඉක්මවා ගොස් තිබූ අතර එම කලාපයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1,43,000 ඉක්මවා ගොස් තිබිණි.
මේ වනවිට ලතින් ඇමෙරිකානු කලාපයෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන යුරෝපයෙන් සහ ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන ද ඉක්මවා ගොස් ඇත.
‘‘අපේ කලාපය කොරෝනා වයිරසය පැතිර යන නව කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙනවා’’ පෑන් ඇමෙරිකන්’ සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරු අනතුරු ඇඟවූහ.
පේරු, චිලී, එල් සැල්වදෝරය, ග්වතමාලා සහ නිකරගුවාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීහු පෙන්වාදුන්හ.
බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව පස් ගුණයකින් වැඩිවනු ඇතැයි ද අගෝස්තු මාසය වනවිට එරටින් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 125,000ක් දක්වා ඉහළ යනු ඇතැයි ‘වොෂින්ටන් විශ්වවිද්‍යාලය’ කළ අධ්‍යයනයකින් අනතුරු අඟවා ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් ලොවපුරා රටවලින් වාර්තා වන මරණ සංඛ්‍යාව 3,52,000 ඉක්මවා ගොස් ඇත. ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (27) පස්වරු 6 වනවිට 57,09,518ක් වූ අතර කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,52,750ක් විය. කොරෝනා වයිරසය ආසාදනය වී ලොවපුරා සුව වූ සංඛ්‍යාව 24,51,109ක් ලෙස දැක්විණි.
‘ද ගාඩියන්’
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලතින් ඇමරිකානු රටවල් මුදල් අතින් එතරම්ම පොහොසත් නොවුවත් සංස්කෘතිය අතින් පොහොසත් රටවල්. මෙරට ආයුර්වේදය වගේ එම රටවලද ආවේණික වූ වෛද්‍ය ක්‍රමවේදයන් ඇත. බටහිර වෛද්‍ය ක්‍රමවේදය ගැන පමණක් නොසිතා ඒ ඒ රටවල වෛද්‍ය ක්‍රමවේදයන්ගෙන් මෙම රෝගයට බොහෝදුරට ප්‍රතිකර්මයන් සොයාගත හැකිවේවි. මේ ලඟකදී ඇසුවා ඇමසන් වනාන්තර ප්‍රදේශයන්ගේ ජිවත්වන මිනිසුන් ඔවුනොවුන්ගේ ප්‍රතිකර්ම වලින් කොරෝනාවෙන් වැලකි සිටින වග.
මීළඟට ඉන්දියාව සහ ලංකාව... බලාපොරොත්තුව කඩේ යන්නයි.