නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලතින් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වන මරණ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත.
එම කලාපයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 2.2 ඉක්මවා ගොස් ඇති අතර මසක් ඇතුළත එම කලාපයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන දෙගුණ වූයේ යැයි ද සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.
යුරෝපා කලාපයෙන් සහ ආසියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් මෙන්ම ආසාදිත මරණ වේගයෙන් වාර්තා වුවද ඊටත් වඩා වැඩි වේගයකින් ලතින් ඇමෙරිකානු කලාපයෙන් වයිරස ආසාදිතයන් සහ වයිරස ආසාදිත මරණ වාර්තා වී ඇතැයි ද එම අංශ කියයි.
නව කොරෝනා වයිරසයෙන් ලතින් ඇමෙරිකානු කලාපයේ වැඩිම බලපෑමක් එල්ල වූ රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලයයි. ඇමෙරිකා එක්සත් ජනපදයට නව කොරෝනා වයිරස ආසාදිත මරණ 50,000ට වැඩි ගණනක් වාර්තා වන්නේ ද බ්‍රසීලයෙනි.
‘ද ගාඩියන්’
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd