IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකුටත් කොරෝනා

කොරෝනා වයිරස වසංගතයට එරෙහි ගෝලීය සටනට නායකත්වය දෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි එම සංවිධානය පවසයි.

මෙය ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි එම සංවිධානයේ කාර්යාලයෙන් රෝගීන් වාර්තා වූ පළමු අවස්ථාවයි. 

මීට පෙර ජිනීවාහි එක්සත් ජනපද කාර්යාලයෙන් සහ ලෝක වෙළඳ සංවිධානයේ කාර්යාලයෙන් සේවකයන් දෙදෙනකු ආසාදනය වී ඇති බව වාර්තා විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානය, කාර්ය මණ්ඩලය සහ උපදේශකයින් 2,400 ක් පමණ සේවය කරන ස්ථානයකි. 

වෛරසය සම්ප්‍රේෂණය අවම කිරීම සඳහා මේ වනවිට බොහෝ දෙනා නිවසේ සිට කටයුතු කරමින් සිටින බව එම සංවිධානය පවසයි.

ස්විට්සර්ලන්තයෙන් රෝගීන් 2,200 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හමුදා සාමාජිකයින් 8,000 ක් යොදාගැනීම ඇතුළු පියවර රැසක් ක්‍රියාත්මක වේ.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකයන් දෙදෙනකුටත් කොරෝනා

මානවි Wednesday, 18 March 2020 04:26 PM

ස්වීට්සර්ලන්තයේ අයත් කොරෝනා පාලනය කරන්න හමුදාව යොදා ගන්න හදනවා. අපේ රටේ NGO කුක්කෙක් මානව හිමිකම් කවුන්සලයට කේලාම් කියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site